Aug 17, 2013

මිහිලිය සහ උදය අපරාජිත බව රැක ගනිති

මේ දිනවල චීනයේ ක්‍රියාත්මක වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දවසේ පළමු වරට ක්‍රීඩා පිටියට පිවිසි අතර අද තරග බිමට පිවිසි ශ්‍රී ලංකා ස්කෝෂ් ක්‍රීඩිකාවන් අතරින් මිහිලියා මෙත්සරණිත් මේස පන්දු ක්‍රීඩක උදය රණසිංහත් මේ සටහන තැබෙන වන විට සිය අපරාජිත බව රැක ගැනීමට සමත් වී සිටිනවා.මෙත්සරණි ඉන්දුනීසියාවේ නදියා මවුදි වට 3 - 0 කින් පරාජය කරන්නට සමත් වුණ අතර ඇය මැලේසියාවේ ආර්නෝල්ඩ් රැචෙල් සමග වූ තරගයේ ප්‍රථම වට දෙකම පරාජය වුව ද නැවත තරගයට පිවිසෙමින් ඉතිරි වට තුනම ජය ගැනීමට සමත් වුණා.
උදය රණසිංහ වියට්නාමයේ හොන් කාන්හ් සමග තියුණු තරගයක නිරත වෙමින් වට 3 - 2 ක ජයක් වාර්තා කළ අතර බහරේනයේ ගුරාන් බිසෙල් වට 3 - 0 කින් පරාජය කරන්නට සමත් වූවාය.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේස පන්දු තරග සදහා සහභාගි වන විමුක්ති විජේසිරි චීනයේ ජින්කුන්ග් ලියෑන් ඉදිරියේ වට 3 - 0 ක් ලෙස පරාජය වුව ද,මොංගෝලියාවේ බ්ලේජ්වාගල් පුරෙවනසම් වට 3-0 කින් පරාජය කරන්නට සමත් විය.බාලිකා අංශයෙන් තරග වැදුණු උමායා තාරකී චීනයේ හෙමින් සී සහ තායිලන්තයේ ඔරාවන් පැරනැන්ග් ඉදිරියේ වට 3 - 0 ලෙස පරාජය වුව ද,ලිබියාවේ හොම්සි පැට්‍රිසියා ඉදිරියේ වට 3 - 1 ජයක් ලබන්නට සමත් වූවාය.රුවිනි කන්නන්ගර නේපාලයේ මනිටා චිත්‍රාකර් වට 3 -0 ක් ලෙස පරාජය කළ දජපානයේ අයානි මොරිටා ඉදිරියේ වට 3 - 0 ක් ලෙස පරාජය වූවාය.
මේ අතර  ශ්‍රී ලංකාව නියෝජනය කරන රග්බ් තරග සදහා සහභාගි වන යෞවනයන් චීනය ඉදිරියේ ලකුණු 31 - 0 ක ජයක් ලබමින් පෙරට එන්නට සමත් කම් දැක් වූහ.ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී ස්කොෂ්,මේස පන්දු,ටෙනිස්,මලල ක්‍රීඩා,වෙඩ් තැබීම,බර එසැවීම,පිහිණුම් යන ඉසව් නියෝජනය කරමින් තරගාවලියට එක් වී සිටියි.
www.supirikrida.com

No comments: