Aug 9, 2013

තායිපේ සිටි තරගාවලියට ලංකාවෙන් හයක්!

RS Kumarasinghe.JPG Prabashwara (2).JPG Jayalath.jpg Gayan Jayaweera (2).jpg Erandhi Silva (3).jpg
Kosala Nilnimi .jpgතෙවන වරටත් චීන තායිපේ හී පැවත්වීමට නියමිත තායිපේ සිටි කුසලාන බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් සිව්දෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගි වීමට නියමිතයි.අගෝස්තු 15 සිට 19 දක්වා පැවත්වෙන මෙම තරගාවලිය සදහා පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේපීජීඑස් කුමාරසිංහ (කිග්‍රෑ.60) ,ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඒපීසීඒජයලත් (කිග්‍රෑ.64),එක් වන අතර සෙසු දෙදෙනා වන එන්ජීඑස් ජයවීර සහ මලිදු ප්‍රබාෂ්වර  මාස් සාමාජිකයෝ වෙති.ඒ අතරින් තරගාවලිය සදහා තෝරා ගැනීම් තරගාවලිය ලෙස සැළකූ ලේටන් කසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූයේද ප්‍රභාෂ්වරයි.
මෙම තේරීම් සදහා බල පෑ ලේටන් කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකාව වූ කෝසලා නිල්මිණි සහ එරන්දි සිල්වා තරගාවලියට සහභාගි වන ක්‍රීඩිකාවන් දෙදෙනා වෙති.එම දෙදෙනාද මාස් පවුලේ සාමාජිකාවෝය.
තරගාවලියේ පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙස හර්ෂ කුමාර එක් වන අතර කාන්තා කණ්ඩායමේ පුහුණුකරු වන්නේ චම්පික මාතරආරච්චිය.කණ්ඩායම් භාර නිලධාරි ලෙස කර්නල් හේමන්ත වීරසිංහ සංචාරයට එකතු වන අතර තරගාවලියේ විනිශ්චය කටයුතු සදහා සහභාගි වීම සදහා බන්දුල ගමගේ සහ වින්ධ්‍යා රෝෂිණි  එක් වෙති.
www.supirikrida.com

No comments: