Aug 3, 2013

ඉවසිල්ල නැති කමෙන් වැනසේ

JP Duminy celebrates a dismissal with team-matesරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 20 /20 තරගාවලියේ පළමුවැනි තරගය නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා පිතකරුවන්ගේ නොඉවසිලිමත් බව විසින් ශ්‍රී ලංකාවට උරුම කර දුන් ලකුණු 12 ක පරාජයත් සමගින්ය.කාසියේ වාසිය ලබා ප්‍රේමදාස තණතිල්ලෙන් පිතිකරුවන්ට වැඩි වාසියක් ලබා ගැනීමේ අරමුණ ඇතිව පන්දුවට පහර දීමට තීරණය කළ දකුණු අප්‍රිකානු පිතිකරුවන්ව මෙල්ල කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වැඩි වෙහෙසක් දැරීමට සිදු නොවීය.විශේෂයෙන් සචිත්‍ර සේනානයකගේ පන්දු යැවීම ඉදිරියේ අසරණ වූ දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සචිත්‍රගේ පන්දු ඕවර් 4 තුළ ලකුණු 14 ට කඩුලු 3 ක් පූජා කළහ.ඒ නිසා දකුණු අප්‍රිකානු ඉණිම කඩුලු 6 ට ලකුණු 115 ක් ලබා සිටියදී නිමාවට පත් විය.අනවශ්‍යය කළබලයක් නොපෙන්වා ක්‍රමිකව වේගවත් වූ ඉණිමක් ක්‍රීඩා කළ ජේපී ඩුමිනි දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු 51 රැස් කළේ පන්දු 52 ක් තුළ ය.
පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවෝ ඩුමිනිව ආදර්ශයට ගත් බවක් නොපෙන් වූහ.අඩු ගණනේ එක් පසක් ආරක්ෂා කර ගනිමින් සුපිරි පිතිකරණයක නියැලි සංගක්කාර වෙනුවෙන් කෙටි ලකුණකින් පන්දුවට පහර දීමේ අන්තය ලබා දීමේ අවශ්‍යයතාවය ද ඔවුන් නොතකා හරින ලද බව දැකිය හැකි විය.එකා එකා පිට එකා ආපසු හැරී යන ශ්‍රී ලංකා පිතිකරු නාමාවලියේ බින්දුකරුවෝ පහක් වූහ.ඒ අතරින් අජන්ත නොදැවී සිටිය අතර අනෙක් තිදෙනාගෙන් අංක 8,9 සහ 10 යන තිදෙනාම දැවී ගියේ ලකුණු නොලබමින් යන්නට අමතරව පන්දු 9 ක් අපතේ යවමින් වීම ද අවධානයට ලක් කළ යුතුය.
මේ තත්ත්වය වෙනස් කිරීමට කිසිවෙකුගෙන් ප්‍රමාණාත්මක සහයක් නොලබමින් ලකුණු 59 ක් නොදැවී ලබා ගත් සංගක්කාරගේ ඉණිමේ ශක්තිය දිය කර හරින ලද ඩුමිනි පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දක්ෂතා දකුවමින් ලකුණු 18 ට කඩුලු 3 ක් ලබා ගත්තේ දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ සැබෑ වීරයා වෙමින්ය.http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/current/match/635658.html  
සබදතාවය තරගයේ නිල ලකුණු විස්තරයට පිවිසීමට උපකාර ගැනීමේ හැකියාව ඇත.
ඊයේ ද අසාර්ථක වීම නොතකා යළිත් කුසල් ජනිත් පෙරේරාට මෙන්ම ජීවන් මෙණ්ඩිස්ට ද අවස්ථාව ලබා දී තිබුණේ ඇන්ජලෝ පෙරේරා වැනි ක්‍රීඩකයන් කව දුරටත් කඩුල්ලේ රදවා තබාය.
www.supirikrida.com

No comments: