Jul 30, 2013

මලල ක්‍රීඩා සංගමය දිණුම්

ගත් මලල ක්‍රීඩා සූරතාවලිය සදහා සහභාගිවන මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම තේරීමට ආසියානු තරගාවලියේ ලෝකඩ පදක්කම්ලාභීන් සිටියදී ගත් තීරණය පිළිබදව ඇතැම් පාර්ශව නොකැමැත්ත පළ කළහ.එහෙත් මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා සිය අභිමතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතියෙන්     ක්‍රියාවට නැංවීය.
මීට වසර කිහිපයකට පෙර ද මේ දේ ම සිදු විය.එවර තේරීම් තරගයක් පවත්වා නැවත තේරීමක් පැවත්ීමට විරුද්ධව අධිකරණයට ගොස් තීන්දුවක් ද ලබා ගත්තේය.නමුත් ඒ තීන්දුවද නොතකා මලල ක්‍රිඩා සංගමය ක්‍රියාත්මක විය.එම සිදුවීමත් සමග වැඩුණු විරෝධය පසු කලෙක සභාපතිවරයාට එම තනතුර හැර දමා යාම දක්වා වර්ධනය විය.
මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්නට වඩා දෙපාර්ශවයන් කල්පනා කළ යුත්තේ මේ තත්ත්වයන් පාලනය කර ගැනීමට අවශ්‍යය වට පිටාව සකසා ගැනිම පිළිබදවය.අමාත්‍යවරයා මෙවැනි අනුමැතීන් ලබා දීමෙන් ඉනික්බිතිව එන ප්‍රතිපලය පිළිබදව සැළකිල්ල යොමු කිරීමට මත්තෙන් එය සිදු විය යුත්තේ කෙසේද යන්න පිළිබදව සොයා බැලීම වටින්නේය.
මන්ද ඉකුත් අවස්ථාවේදී විරෝධය දැක්වීමේදී ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කළේ එවැනි තේරීම් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල නොවන බවය.නමුත් එය නීතියක් නොවන්නේ නම් ශ්‍රී ලංකාවේ තේරීම් සිදු වීම කරන ප්‍රමිතිය මලල ක්‍රීඩා සංගමයේ ව්‍යවස්ථාවට සහ ප්‍රතිපත්තිවලට ඇතුළත් විය යුතුය.එවැනි අවස්ථාවක දී ගැටළුවක් පැන නැගීම හෝ සංගමය තුළ බෙදීමක් ඇති නොවනු ඇත.
අප පෞද්ගලිකව විශ්වාස කරන්නේ ජාත්‍යන්තර තරගයකට සහභාගි වන්නන් තීරණය කිරීමේදී ඒ මොහොතේ සිටින හොදම ක්‍රීඩකයන් එයට ඇතුළත් විය යුතු බවය.මේ තේරීම් තරගය ජය ගත් කසුන් කල්හාර සිය හොදම පෞද්ගලික කාලය වාර්තා කළේය.(46.76) දෙවන ස්ථානය දිනූ දහම් ආලෝක (46.90) වාර්තා කළ කාලය ද සැළකේන්නේ ඔහු ගේ හොදම කාලය ලෙස ය.
ආසියානු තරගාවලියේ ධාවනයේ යෙදුණු අංජන ගුණරත්නට මුල් හතර දෙනා අතරට පිවිසෙන්නට නොහැකි විය.තෙවැන්නා වූ  ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක දුලාන් ප්‍රියශාන්තට (47.31) පසු පසින් සිටියේ චානක මධුශාන් ය.(47.35) ඒ අනුව එම හතර දෙනාට එකතු වන අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා අතරට අංජනට අමතරව මසුන් සිල්වා එක් වි සිටියි.
මේ දක්ෂතාවයන් දෙස බලද්දී ආසියානු පදක්කමට වඩා දක්ෂතා දැක්විය හැකි කණ්ඩායමක් සිටින බව පැහැදිළිය.නමුත් කසුන් හා දහම් සිය උපරිමයට පැමිණිම එහි අවසානම ප්‍රතිපලය නම්? තාක්ෂණිකව මතු වන එම ගැටළුවට පිළිතුරු සෙවීම සදහා  ලෝක සූරතාවලියේ තරගය පැවත්වෙන තෙක් සිටිය යුතුය.
ප්‍රතිපලය කුමක් වුව වඩා වැදගත් සියල්ල ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාත්මක වීමය.ඒ නිසා මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයාගේ හෝ වෙනත් කෙනෙක්ගේ බලය මත ක්‍රියාත්මක වන තීරණ වලට වඩා පොදු ප්‍රතිපත්තියක් සැකසීම වැදගත් බව මෙහිදි සදහන් කරනු කැමැත්තෙමු.
www.supirikrida.com

No comments: