
කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට අයර්ලන්තයට ආරාධනා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අයර්ලන්ත ඉණිම ඕවර් 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 62 ට සීමා කළහ.පන්දු යැවීමේ දී නායිකා ශසිකලා සිරිවර්ධන ලකුණු 11 ට කඩුලු 2 ක් දවා ගත්තාය.තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ හ්‍රීපාලි වීරක්කොඩි ලකුණු 10 ට කඩුලු 2 ක් දවා ගත්තාය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ චමරි අතපත්තු ලකුණු 10 ට දැවී ගිය අතර යශෝධා මෙණ්ඩිස් ලකුණු 20 ට දැවී ගියාය.දීපිකා රසාංගිකා තරගාවලිය තුළ පළමුව පන්දුවට පහර දෙමින් නොදැවී ලකුණු 22 ක් ලබා ගත්තාය.කඩුලු අටකින් අයර්ලන්තය පරාජය කරන විට එම ලකුණු ප්‍රමාණය සදහා පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වැය කර තිබුණේ පන්දු ඕවර් 14.5 ක් පමණි.
http://www.espncricinfo.com/icc-womens-world-twenty20-qualfier-2013/engine/match/640945.html සබදතාවයෙන් තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට හැකිය.ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන පූර්ව තරගයේදී නෙදර්ලන්තය හමු වීමට නියමිතය.
www.supirikrida.com
No comments:
Post a Comment