ඔලිම්පික් තරගාවලියක බැඩ්මින්ටන් තරගයක් ජයගත් පළමු ලාංකිකයා වූ සහ පළමු 16 දෙනා අතරට පිවිසි පළමු වැන්නා වූත් නිලූක කරුණාරත්න අද ඉන්දීය අංක ක්‍රීඩක පාරුපිල්ලෙයි කාශ්‍යප් සමග එරට වේලාවෙන් පෙ.ව. 9.02 ට තරග වැදීමට නියමිතය.නිලූක විසින් පළමු තරගයේදී බැඩ්මින්ටන් ලෝකයේම අවධානය තමා වෙත යොමු කර ගනිමින් ජපානයේ අංක එක ක්‍රීඩක සහ ජගත් වර්ගීකරණයේ අංක 8 ට ශ්‍රේණිගතව සිටින ටාගෝ කෙනචි පරාජය කරන්නට සමත් විය.ඉන්දීය ක්‍රීඩක කාශ්‍යප් සමග මීට පෙර අවස්ථා කිහිපයක දීම තරග වැදී පරාජය වී ඇති නමුත් නිලූක ඒ සෑම අවස්ථාවකම ප්‍රතිවාදියාට තියුණු සටනක් ලබා දෙමින් වට ගණනාවක් ජය ගෙන ඇති බැවින් මෙම තරගයේදී පළමු ජයග්‍රහණයේ පන්නරය සමග ජයග්‍රහණය ලබනු ඇතැයි ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ සියල්ලෝම දැඩි විශ්වාසයකින් පසුවෙති.ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.02 ට මෙම තරගය පැවත්වෙන අතර බොහෝ විට මෙහි සජීවි විකාශය සිදුවන රූපවාහිනි චැනලයකින් මෙම තරගය සජීවී ව නැරඹීමේ අවස්ථාව ලාංකියනට උදාවනු ඇතැයි විශ්වාස කළ හැකිය.
මේ අතර රෙෂිකා උඩුගම්පොළ මීටර් 100 නිදහස් ආර තරගයේ මූලික තරගය සදහා එරට වේලාවෙන් පෙරවරු 10.03 ට තරග බිමට පිවිසෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.03 ලෙස සදහන් වේ.
www.supirikrida.com
මේ අතර රෙෂිකා උඩුගම්පොළ මීටර් 100 නිදහස් ආර තරගයේ මූලික තරගය සදහා එරට වේලාවෙන් පෙරවරු 10.03 ට තරග බිමට පිවිසෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.03 ලෙස සදහන් වේ.
www.supirikrida.com
No comments:
Post a Comment