අටවන ආසියානු දැල් පන්දු තරගාවලියේ සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකාව ඊයේ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අතින් සිය නිල වෙබ් අඩවිය විවෘත කරන ලද අතර ඊට සමගාමීව නිල ලාංඡනය විවෘත වීම මෙන්ම රටපුරා තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට සුභ පතා දැල් පන්දුවකට අත්සන් ලබා ගැනීමේ වැඩ සටහනද අමාත්‍යවරයා අතින් ඇරඹිණ.මෙම සියළු කටයුතු දැල් පන්දු අතරු කමිටුවේ මූලිකත්වයෙන් ලාංකේය දැල්පන්දුවේ නිල අනුග්‍රාහකයා බවට පත් වී සිටින මහජන බැංකුවේ අනුග්‍රාහකත්වයෙන් සිදු විය.
මෙම නිල උත්සවයට කණ්ඩායමේ පුහුණුකාරිණිය වන හයසින්ත් විජේසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සම නායිකා තර්ජනී සිවලිංගම් මෙන්ම තිසාලා අල්ගම ක්රිඩිකාවද එක් වී නොසිටියහ.ක්‍රීඩිකාවන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ ෆෝල්කන් නම් ක්‍රිඩා සමාජයේ ක්‍රීඩිකා සංයුතියට ඇතුළත් කර තිබෙන බවත් ඔවුන්ගේ භාරකරු ලෙස කණ්ඩායම් පුහුණුකාරිය ලෙස හයසින්ත් විජේසිංහ ද එරට නැවතී තිබීමත් නිසා එම තිදෙනා මෙම නිල උත්සවයට සහභාගි නොවූ බව කණ්ඩායම් ආරංචි මාර්ග ඔස්සේ පැහැදිළි විය.
ප්‍රධාන පුහුණු උපදේශිකාව ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියානු පුහුනුකාරිය වන ෂූ ගේ සහ හයසින්ත් විජේසිංහ පුහුණුකාරිය ගේ ද අධික්ෂණයකින් තොරව මේ වන විට පුහුණුවීම් කටයුතු සිදුවන අතර.එම ප්‍රධාන වශයෙන්ම පුහුනුව සම්බන්ධයෙන් වගකිව යුතු දෙදෙනාම කණ්ඩායම සමග දිගු දවසක සිට නොසිටීම පිළිබදව ක්‍රිඩා අමාත්‍යවරයාද නොසතුටෙන් සිටින බව ද සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.
එම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩක ගොනුවට ඇතුළත් වී නොමැති සහ කිසිදු ගෙවීමකින් තොරව එම කණ්ඩායම් සංයුතියේ ලාංකේය ක්‍රීඩිකාවන් දෙදෙනා රදවා තබා ගෙන සිටින බව ද ඇතැම් ආරංචි මාර්ග වාර්තා කරන අතර ලොව හොදම විදින්නිය වූ තර්ජනී සිවලිංගම් වැනි ක්‍රීඩිකාවක් වෘත්තීය ක්‍රීඩිකාවන් සහිත කණ්ඩායමකට ප්‍රධාන ක්‍රීඩිකාවක ලෙස හෝ ගෙවීමකින් තොරව ඇතුළත් කර ගන්නේ ද යන්න පිළිබදව අදහාගත නොහැකි තත්ත්වයකි.
www.supirikrida.com

1 comment:
oya hayasinth ta onee ithin pita ratawal wala sawari gahannane .
Post a Comment