එළැඹෙන 2014 වසරේ බ්‍රසීලයේ පැවත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් සිය ගණු-දෙනු කරුවන් සමග සබදතාවය වඩාත් ශක්තිමත් කර ගැනීම පිණිස බ්‍රසීල ගණිකාවන් ඉංග්‍රිසි හැදෑරීමට පටන් ගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.දැනටමත් බ්‍රසීල ගණිකාවන් 2014 පැවත්වෙන ලෝක කුසලානය වෙනුවෙන්පැමිණෙන විදේශිකයන් දැලේ දා ගැනීම සදහා සංවිධානාත්මක සූදානමක් පෙන්වන බව පැහැදිළි කරන එම වාර්තා ගණිකා නිවාස පවා ඒ වෙනුවෙන් අලුත් වැඩියා කටයුතු කරන බව සදහන් කරනවා.ඒ අනුව බ්‍රසීල ජාතිකයන් තුළ ජාත්‍යන්තර ප්‍රජාව සමග සුහදතාවය වර්ධනය කර ගැනීමේ අඩුවක්ව පවතින ඉංග්‍රිසි දැණුම වර්ධනය කිරීමට ගණිකාවන් වෙනුවෙන් ඇතැම් සංවිධාන නොමිළේ ඉංග්‍රිසි ඉගැන්වීමට පංති පවත්වන බව ද එම ප්‍රවෘත්ති වාර්තා හී පෙන්වා දෙනවා.
ජනාධිපති සීඩා වියේරා ගණිකාවන් ගැන සදහන් නොකළ ද,පාපන්දු ලෝක කුසලානය සදහා පැමිණෙන විදේශිකයන් සමග ගණුදෙනු කිරීමෙන් හොද ප්‍රතිලාභ ලබා ගැනීමට මෙන්ම,රට ගැන හොද මිත්‍රශීලී චින්තනයක් ඇති කිරීමටද ඉංග්‍රිසි ඉතාමත් වැදගත් වනු ඇති බව පෙන්වා දී ඇති අතර ඒ නිසා ඉංග්‍රිසි දැණුම වර්ධනය කර ගැනීමට උනන්දුවන ලෙස ද ඉල්ලා තිබෙනවා.බ්‍රසීලයේ නගර 17 ක් ලෝක කුසලානයට කේන්ද්‍ර වන අතර ඒ නිසා 2016 ඔලිම්පික් උළෙලටත් වඩා රට තුළ විදේශිකයන් විසිරී යන බැවින් මුළු රටේම අවධානය සහ ආකර්ශනය මේ තරගාවලිය සම්බන්ධයෙන් වන කරුණු කෙරෙහි යොමු වී පවතින බවත් එම වාර්තා පැහැදිළි කරනවා.
www.supirikrida.com

No comments:
Post a Comment