ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්වන්නට යෙදී තිබුණු 20 / 20 ක්‍රිකට් තරගය වර්ෂාව නිසා අත හැර දමන්නට සිදු වීම හේතුවෙන් 20/20 තරග ශ්‍රේණිගත කිරීමේ දී පළමු තැන සිටි ශ්‍රී ලංකාවට සිය ස්ථානය රැක ගැනීමට පකිස්තානය ඉදිරියේ දකුණු අප්‍රිකා දස්කම් කෙසේ වනු ඇත්දැයි බලා සිටින්නට සිදු වෙනවා.පකිස්තානයට එරෙහිව දකුණු අප්‍රිකාව 20/20 තරග දෙකම ජය ගතහොත් සිය ස්ථානය රැක ගැනීමට ශ්‍රී ලංකාවද නවසීලන්තයට එරෙහි තරග දෙකම ජය ගත යුතු තත්ත්වයේ සිටි නිසා ඊයේ තරගය අතහැර දමන්නට සිදුවීමේ වැඩි අවාසිය ශ්‍රී ලංකාවට දරන්නට සිදු වෙනවා.
කාසියේ වාසිය උරගා බැලීමටවත් අවස්ථාව නොදෙමින් දිගින් දිගටම වැටි වර්ෂාව නිසා තරගය අතහැර දැමීම නිසා තරග දෙකකින් යුත් තරගාවලියේ හෙට යෙදී තිබෙන තරගය වඩාත් තීරණාත්මක වෙනවා.විශාල ලකුණු පරතරයකින් ජය ගැනීම හොද දළ ලකුණු වේගයක් පවත්වා ගෙන යාම ආදී කරුණු පිළිබදව මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විශාල අවධානයක් යොමු කළ යුතුව තිබෙන අතර සිය ස්ථානය රැක ගැනීම සදහා දකුණු අප්‍රිකාවේ හැසිරීම දෙස බලා සිටින්නට සිදු වන තත්ත්වයට වර්ෂාව විසින් ශ්‍රී ලංකා කණ්ඩායම ඇද දමා තිබෙනවා.වැසි සහිත දේශගුණික තත්ත්වයකට පෙර නිමිති සහ පූර්වාදර්ශ තිබියදීත් මේ කාල වකවානුවේ එතරම් පීඩනයක් ඇති නොකරනු ඇතැයි විශ්වාස කළ හැකි දඹුල්ල සහ සූරියකැලේ ක්‍රීඩාංගණ අතහැර දමා වර්ෂාව සම්බන්ධයෙන් වැඩිම අවධානම සහිත පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට මේ මොහොතේ තරගයක් ගෙන එන්නට ගත් පරිපාලන තීරණයේ වරදද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇද වැටීමට විශාල බලපෑමක් එල්ල කරනවා.මේ තත්ත්වය නිසා සිය හැකියාවන් වැසි දියේ පෙගෙන්නට හැර දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණය සහ පරාජයට සිය ස්ථාවරය තීරණය කරන්නට දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වී තිබෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment