
කාසියේ වාසිය දිනු හ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දු යැවීමට ගත් තීරණයට පළමුව සාධාරණය ඉටු කළ නුවන් කුලසේකර,තරගයේ දෙවන ඕවරයේ පළමු පන්දුවෙන්ම හමීෂ් රදර්ෆඩ් දවා ගන්නට සමත් වුණා.විශේෂයෙන් ඊයේ 20/20 ජත්‍යන්තර තරග සදහා බෞතිස්ම ලැබූ රමිත රඹුක්වැල්ල සිය ප්‍රවේශය සදහා ඉහළ සමාජ සබදතා වලට වඩා වැඩි පදනමක් තිබෙන බව පැහැදිළි කරමින් සාර්ථක පන්දු යැවීමක නිරත වූ අතර ඔහු සිය පන්දු ඕවර් 4 තුළ ලකුණු 19 ට කඩුලු 4 ක් දවා ගත්තා.එසේම ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් අඩුම ලකුණු සාමාන්‍යයක් තබා ගැනීමට සමත් වූ පන්දු යවන්නාද රමිත් වූවා.
කෙසේ නමුත් ඇන්ටන් ඩෙව්සික්,ලුක් පොන්චි සහ නේදන් මැකලම් සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවට යම් පීඩනයක් ඇති කරන්නට සමත් වූ අතර එහිදී ඔවුන් පිළිවෙලින් ලකුණු 30,නොදැවි 34 සහ ලකුණු 26 ක් ලෙස නවසීල්නත ලකුණු පූවරුව පොහොසත් කරන්නට වූ දායකත්වය හේතුවෙන් නවසීලන්ත ඉණිම කඩුලු 7 ට ලකුණු 142 දක්වා ඉදිරියට ගියා.
කඩුලු ලැබීමේදී මාලිංග,කුලසේකර,මැතිව්ස්,රඹුක්වැල්ල,තිසර සහ මැතිව්ස් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.පිලිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේල ජයවර්ධන තරගයේ දෙවන ඕවරයේදී ලකුණු 3 ට දැවී යාමෙන් පසු ඩිල්ෂාන්ට එක් වූ ජනිත් ප්‍රවේගකාරී ඉණිමක් ක්‍රීඩා කළේ ජයග්‍රහණය කරා අවශ්‍යය මාවත එලි පෙහෙළි කරමින්.නවසීලන්ත පන්දු රකින්නන් ද ඒ සදහා ආශිර්වාදය ලබා දුන් අතර ලකුණු 6 සහ 39 ක් ලබා සිටියදී ඔවුන් විසින් අතහැර දැමූ ජනිත්ගේ උඩ පන්දු දෙක නිසා නවසීලන්ත පරාජයට බෙහෙවින්ම හේතු වූ ලකුණු 57 ක් ජනිතගේ පිත්තෙන් ගලා ආවේ පන්දු 37 ක් තුළයි.එහි අවසාන ප්‍රතිපලය වූයේ ශ්‍රි ලංකාව පන්දු ඕවර් 17.5 ක් තුළ ලකුණු 143 ක් ලබා ගනිම්න් කඩුලු 8 ක ජයග්‍රහණයකට පිවිසීම වූ අතර ඊට හේතු වූ ප්‍රවේගකාරී ඉණිම වෙනුවෙන් ජනිත් කුසල් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.
www.supirikrida.com
No comments:
Post a Comment