May 4, 2013

ලෝක මට්ටමට අපේ යෞවනයෝ හතරක්

ජූලි 10 සිට 14 දක්වා යුක්රේනයේ ඩොනෙට්ස්ක් හී පැවත්වෙන ජගත් යොවුන් මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන ති‍දෙනෙකු සහ ක්‍රීඩිකාවක සුදුසුකම් ලබා තිබෙනවා.මේ අතර දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකේය පුරවැසිකමට ද උරුමකම් කියන ක්‍රීඩකයෙකු වන මුදිත් එල් ජයසේකර ද සුදුසකම් ලබා තිබෙනවා.ඔහු විසින් එම තරගාවලියට සුදුසුකම් ලැබීමේ උස ලෙස සැළකෙන මීටර් 4.55 ක උස ඉක්මවා රිටි පැනීමේ ඉසව්වේදී මීටර් 4.75 ක දක්ෂතාවයක් දක්වා මේ සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
මේ අතර කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කරන ඒඑල් කාරියවසම් මීටර් 100 ඉසව්වේ සුදුසුකම් ලැබීමේ කාලය වන තත්පර 11.15 ඉක්මවා යමින් තත්පර 11.06 ක දක්ෂතාවයක් දක්වා සුදුසුකම් සපුරා ඇත.මහනුවර සිල්වෙස්තර් විද්‍යාලය නියෝජනය කරන ඉසුරු දිල්ෂාන් තත්පර 22.23 කින් මීටර් 200 ඉසව්ව නිමා කළේ එහි යෝග්‍යතා කාලය වන තත්පර 22.75 ක කාලය අභිබවා යමින් වන අතර දැනට සුදුසුකම් ලබා සිටින එකම ක්‍රීඩිකාව කතළුව මධ්‍ය විද්‍යාලයේ නිර්මාලී මධුෂිකා යතඇය මීටර් 400 ඉසව්වේ යෝග්‍යතා කාලය වන තත්පර 57.60 ක කාපයට අභියෝග කරමින් තත්පර 57.20 කින් මීටර් 400 ඉසව්ව නිමා කිරීමට සමත් වූවාය.
මෙම තරගාවලියට ජගත් මලල ක්‍රීඩා සම්මේලනය විසින් ඒ ඒ ඉසව් සදහා ලබා දී තිබෙන යෝග්‍යතා සීමාවන් අභිබවා යාමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසු වන අතර ඔවුන් 1996 සහ 1997 උපන් මේ වසරේ දෙසැම්බර් 31 වන දාට වයස අවුරුදු 16 සහ 17 නොඉක්මවන අය විය යුතු අතර සියළු යෝග්‍යතා සීමාවන් http://dt9guucc6nuua.cloudfront.net/competitioninfo/5ed01c6b-7901-459c-a544-b53f62fa6510.pdf මෙම සබදතාවය හරහාද තරග කාල සටහන http://www.iaaf.org/competitions/iaaf-world-youth-championships/8th-iaaf-world-youth-championships-4874/timetable/byday සබදතාවය හරහා ද ලබා ගැනීමට හැකියාව ඇත.තරගාවලිය සදහා 1542 ක වාර්තාගත යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
www.supirikrida.com

No comments: