Apr 29, 2013

ආධුනික බොක්සිං තරගාවලියේ සූරයන්ගේ කිරුළු සුමල් ට සහ සුබෝධා ට

ධුනික බොක්සිං සූරතාවලිය ඊයේ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වූයේ දක්ෂතම ක්‍රීඩක කිරුළ සුමල් සුපුන් බටවල ට සහ දක්ෂතම ක්‍රීඩිකා කිරුළ සුබෝධා රුවනි හේරත්ට හිමි කර දෙමින්ය.සුපුන් මාස් ලීනියා ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර සුබෝධා යුධ හමුදා ක්‍රීඩිකාවක් වූවා ය.දක්ෂතම පරාජිත ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ ප්‍රදීප් නිශාන්ත රත්නායක තේරී පත් ළුූ අතර දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස නාවික හමුදාව නියෝජනය කළ රුවනි දිල්හානි තේරි පත් වූවාය.
දින පහක් පුරා ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකා තරගකාරීත්වය දැඩි උණුසුම් තත්ත්වයක පැවති අතර ජාතික මට්ටමේ ප්‍රවේශ දොරටුව වන මෙම තරගාවලිය ජය ගැනීම යනු මේ වසරේ ඉදිරි තරග සදහා තරග කිරීමට අවශ්‍යය පරිසරය සකස් කර ගැනීම බැවින් එම තරගකාරීත්වය දැඩිව දකින්නට ලැබිණ.වර්ථමානයේ සාම්පූර් කදවුර ආශ්‍රිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලියේදී ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරමින් කලෙකට පසුව ඉදිරයට පැමිණෙනු දක්නට ලැබුණු අතර එය අනාතගයේ සෙසු බොක්සිං ක්‍රීඩා සමාජ වලට අවධානයෙන් සිටින්නට යැයි කළ අනතුරු හැගවීමක් මෙන්ම ක්‍රීඩාවේ වර්ධනාත්මක පියවරක් පිළිබද බලාපොරොත්තු ඉහළ නැංවීමක් ය.
www.supirikrida.com

No comments: