Apr 28, 2013

මංගලගේ අවමංගල කටයුතු හෙට

ලාංකේය ක්‍රීඩා කේෂ්ත්‍රයේ ක්‍රීඩකයන්ගේ සමය ලෙස හැදින්වෙන එස්බී දිසානායක සමය පිළිබද විවේචන ඇතත් එම කාලය ලාංකේය ක්‍රීඩාවේ ජයග්‍රහණ සපිරි ක්‍රීඩකයාට යම්කසි ගෞරයණීය ජීවිතයක් සකසා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වූ සමයක් ලෙස හැදින්විය හැකිය.නමුත් එස්බී දිසානායක සමය මාධයකරුවන්ට ප්‍රවෘත්ති හිග නොවුණ කාලයක් වූ අතර මල් මෙන්ම ගල් ද අඩු නැතිව එම ක්‍රීඩා පරිපාලනයට එල්ල විණ.
ඒ සමයේ දැඩි ව්‍යාකූල තත්ත්වයන් හමුවේ ජනමාධ්‍යවේදීන් සමග ඉතා මිත්‍රශීලී ගණු- දෙනුවක් පවත්වා ගෙන යමින් මාධ්‍යකරුවගේ භූමිකාව සහ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගේ කාර්යය අතර පරතරය මැනවින් දැන කටයුතු කිරීමට මංගලට හැකිවිය.ඇතැම් මාධ්‍ය ලේකම්වරු අමාත්‍යවරයාගෙන් යම් කිසි ප්‍රකාශයක් ලබා ගැනීම වුව සිය අවසරය ඇතිව කළ යුතු බව සිතන මාධ්‍ය ලේකම්වරු තනතුර ආභරණයක් කර ගෙන කටයුතු කරන අවස්ථා අප දැක ඇතත් මංගල සෑම විටම තනතුරට ආභරණයක් වීමට උත්සාහ කළ අයෙකි.
නිදහසේ ජීවත්වීමට ප්‍රිය කළ පුද්ගලයෙකු වූ මංගල ජනමාධ්‍යවේදීන්ගේ ඉතාමත් හොද මිතුරෙකු වුව අමාත්‍යවරයා ප්‍රයෝජනයට ගනිමින් ජනමාධ්‍ය ඇතුළත තමන්ට පිණුම් ගැසීමට හැකි පිට්ටනියක් තනා ගැනීමට ඔහු කිසි විටෙක උත්සාහ කළේය.ඒ නිසාම ජනමාධය තුළ පුවත් මවන්නෙකු වන එස්බී ගේ දේශපාලන ජීවිතය තුළ සෑම විටකදීම මාධ්‍ය සම්බන්ධිකරණ කටයුතු වල නියැලි මංගල සාමාන්‍ය ජනයා නොදන්නා පුද්ගලයෙකු වූ අතර නමුත් ඔහු අමාත්‍යවරයා වෙනුවෙන් ලබා දිය හැකි මාධ්‍ය ප්‍රචාරණය ලබා දෙමින් එස්බී රටම දන්නා පුද්ගලයෙකු කිරීමට ඇවැසි බොහො දේ කළේය.
ඇතැම් ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ලේකම්වරු  පිළිබද රූපවාහිණි නාලිකාවක මිත්‍රයෙකු පැවසුවේ අමාත්‍යවරයාගෙන් මාධ්‍ය සාකච්ඡාවක් ලබා ගැනීමට උත්සාහ දැරීම තරම්ම මාධ්‍ය ලේකම්වරු මාධ්‍ය හමුවේ පෙනී සිටීමට උත්සාහ දැරීමට කරන ඉල්ලීම් වලින් ගැලවී සිටීමද දුෂ්කර කාර්යයක් බවය.ඒ අයුරින් බලන කල මංගල දුරකථනය ඔස්සේ හෝ යමක් කියවා ගැනීමට අපහසු මාධය වෙනුවෙන් යම් තොරතුරක් ලබා දීටම අවශ්‍යය නියමිත නිලධාරියාම සම්බන්ධ කර දීමට උත්සාහ දරමින් මාධ්‍යකරුවාගේ වාත්තියට ද වගකීම් සහගත භාවිතාවක් එක් කළ අයෙකි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පිරිසකගේ දැඩි ප්‍රහාරයකට ලක් ව වරක් ඔත්පලව සිටි මංගල ඒ හේතු කර ගෙන දීර්ඝ කාලීනව සිය සෞඛ්‍යය පිළිබදව පීඩාකාරී තත්ත්වයකට මුහුණ දුන්නේය.අවසාන කාලයේදී ද රෝහල් ගතව සිටි මංගල එස්බී දිසානායකගේ මාධ්‍ය සම්බන්ධීකරණයේ දැවැන්ත භූමිකාවට මිය යන මොහොතේත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස එක් වී සිටියේය.
මංගල ගේ අවසන් කටයුතු හෙට සවස කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
www.supirikroda.com

No comments: