
පළමු තරගයෙන් අති විශිෂ්ඨ ජයක් ලබා සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉදිරියේ නව පිබිදීමක් සහිතව පන්දු යැවූ සහ මේ තරගාවලියේ මෙතෙක් නොදුටු සාර්ථක පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සහ පන්දු රකින්නෝ ඕස්ට්‍රේලියාව ලකුණු 170 සීමා කරන්නට සමත් වූහ.ලසිත් මාලිංග කලෙකට පසුව කණ්ඩායමට හොද සේවයක් ලබා දෙමින් ලකුණු 32 ට කඩුලු 3 ක් ලබා ගත් අතර තිසර සහ මැතිව්ස් කඩුලු 2 බැගින් ලබා ගත්තේ පිළිවෙලින් ලකුණු 40 ක් සහ ලකුණු 24 ක් ලබා ගනිමින්ය.කුලසේකර ද මැනවින් පන්දු යවමින් ලකුණු 24 ට එක් කඩුල්ලක් දවා ගත්තේය.
එහි වාසිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා ගැනිමට ඇති ඉඩ ප්‍රස්ථාව පිළිබදව සැක සංකා මතු කරමින් උපුල් තරංග ලකුණු නොලබාම දැවී ගිය පසු ඩිල්ෂාන් සිය පරිනත බවෙන් තිරිමාන්නට මග පෙන්වන අතරේ දෙවන කඩුල්ලට ලකුණු 137 සබදතාවයක් පැවත් වූවේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය මාවතට ප්‍රවේශ කරමින්ය.ලහිරු වැඩි පන්දු ප්‍රමාණයකට මුහුණ දෙමින් ස්ථාවර වන තත්ත්වයක් තුළ ලැබි තිබෙන සුළු ඉලක්කය තුළ ඔහුට සිය මංගල ශතකයට ළගා වීමට තිබෙන හැකියාව තේරුම් ගත් හිටපු ශ්‍රී ලංකා නායකයා, සිය නායකත්ව සමයේ තිරිමාන්න කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස පවත්වා ගැනීමට තීරණය කළ හේතු සාධක පැහැදිලි කරන්නට ඉඩ දෙන අපූර්ව ශතකය සදහා යාමට මග සකස් කළේය.ඩිල්ෂාන් ලකුණු 51 ට දැවී ගිය අතර නවක ක්‍රීඩක කුසල් ජනිත් සිය පළමු තරගයේදි වැඩි පීඩනයකින් තොරව ජයග්‍රාහී මානසිකත්වයකින් පන්දුවට පහර දීමට ලැබුණු අවස්ථාව මැනවින් තේරුම් ගත් අතර ඔහු ලහිරු සමග නොබිදි,ලකුණු 35 ක සබදතාවයක් පැවත් වූවේ පන්දු 16 කින් හයේ සහ හතරේ පහර එක බැගින් සටහන් වූ ලකුණු 14 ක් එක් කර ගනිමින්ය.
තරගාවලියේ මෙම ජය නිසා සමස්ත ප්‍රතිපලය 1 - 1 ක් ලෙස සම වූ අතර ඕස්ට්‍රේලියාව නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම නම් කළේ පළමු තරග දෙකට පමණක් වන බැවින් මෙම පරාජයත් සමග යළිත් මයිකල් ක්ලාක් ඇතුළු පිරිවර තෙවන තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව නැගී සිටීමට පැමිණීමට ඉඩ ඇත.
තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත සබදතාවයෙන් ලබා ගැනීමට හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573015.html
www.supirikrida.com
No comments:
Post a Comment