
මේ දක්වා ජාතික ක්‍රීඩා පරාපලනයකට වැඩ කිරීමට ලැබුණේ වසරක කාලයක් පමණක් වූ අතර එම කාලය ඇතැම් විට සැළසුම් සැකසීමට හෝ නව පරිපාලනයනට ප්‍රමාණවත් නොවන බවට කරුණු ඉදිරිපත් වූ අතර එම කරුණු සැළකිල්ලට ගෙන ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩා පණතේ කරන්නට යෙදුණ සංශෝධන මගින් මෙම මෙම තත්ත්වය ඇති කර ඇත.මේ අතර ජනමාධ්‍යයට ක්‍රීඩාව හා සක්‍රීයව දායක වූ පිරිස් ක්‍රීඩා මාධ්‍යය හැසිරවීමට සම්බන්ධ නොවීම නිසා ක්‍රීඩාවේ ශිල්පීය දුර්වලතා සහ තාක්ෂණික ගැටළු පිළිබදව නිවැරදි විචාරයන් අඩුවෙන් සිදුවන තත්ත්වයක් තුළ ක්‍රීඩා මාධ්‍යවේදීන් ලෙස ක්‍රීඩාවේ නියැලි අය මාධ්‍යයට පිවිසීමෙන් මින් අනතුරුව එම දැණුමෙන් ක්‍රීඩාවේ පරිපාලනයට සේවය කිරීමට ඇති අවස්ථාව ජනමාධ්‍යය සම්බන්ධයෙන් ගත් තීරණ වලදී එතරම් කාලෝචිත දෙයක් ලෙස සැළකිය නොහැකි බව සුපිරික්‍රීඩා අදහස වේ.
ඇතැම් විට හැකියාවන් බහුල පුද්ගලයෙකුට ක්‍රීඩාවට සේවය කිරීම පිණිස විවිධ වූ තත්ත්වයන් තුළ ලැබෙන අවස්ථාවක් මෙම සංශෝධනය හරහා නොලැබී යා හැකි අතර ක්‍රීඩා මාධ්‍ය කෙරෙහි ක්‍රීඩාවේ ප්‍රායෝගිකව නියැලෙනන්ගේ අවධානය යොමු නොවීම නිසා ක්‍රීඩා විචාරයේදී තව දුරටත් ක්‍රීඩාවේ ශිල්පීය ගුණාංග වල සහ තාක්ෂණික දෝෂ සම්බන්ධයෙන් කරනු ලබන ධනාත්මක විවරණයන් හී අඩු - පාඩු ඇති විය හැකිය.
www.supirikrida.com
No comments:
Post a Comment