- කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු බේස්බෝල් නායකයා ලෙස සැළකෙන,වර්ථමාන බේස්බෝල් පරිපාලනයේ ලේකම් ධුරය දරන,මනෝජ් ප්‍රනාන්දු කුසලානය සදහා පවත්වන තුන්කොන් බේස්බෝල් තරගාවලියේ තෙවැන්න ගාල්ලේදී නිමාවට පත් වූයේ අවුරුදු 15 න් පහළ සූරතාවය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයටත්,19 න් පහළ සූරතාවය කොළඹ රාජකීය විද්‍යාලයටත් හිමි කර දෙමින්ය.මෙම තරගාවලිය කොළඹ රාජකීය,ගාල්ල රිච්මන්ඩ් සහ මහනුවර කිංස්වුඩ් යන විද්‍යාල ත්‍රිත්වය අතර පැවත්වෙන අතර මෙවර 15 න් පහළ අවසාන තරගයට රිච්මන්ඩ් කණ්ඩායමට එරෙහිව පැමිණි කොළඹ රාජකීයන්ට ලකුණු 2 -13 ක පරාජයක් අත් විදින්නට සිදු විය.
අවුරුදු 19 න් පහළ අවසාන තරගයේදී ද රාජකීය සහ රිඩ්මන්ඩ් කණ්ඩායම් ගැටුණු අතර එහි දී රාජකීයන් ජය ගත්තේ ලකුණු 15 - 5 ක් ලෙස ය. අවුරුදු 15 න් පහළ තරග අංශයේදී
- හොඳම පිතිකරු – L.Z. අත්මන් (රාජකීය විද්‍යාලය)
- හොඳම පන්දු රකින්නා – පමිදු චාමික (රිච්මන්ඞ් විද්‍යාලය)
- හොඳම පන්දු යවන්නා – ෂෙනාල් බටුවත්ත (රිච්මන්ඞ් විද්‍යාල)
- තුන් ඉරියව් කී‍්‍රඩකයා – රංජුල ශාරනාත් (රිච්මන්ඞ් විද්‍යාල) යන අය විශේෂ ඇගයීම් ලැබු අතර 19 න් පහළ තරග අංශයේදී
- හොඳම පිතිකරු – උපේක්ෂ සිරිවර්ධන (රාජකීය විද්‍යාලය)
- හොඳම පන්දු රකින්නා – C.J.බණ්ඩාර (රාජකීය විද්‍යාලය)
- හොඳම පන්දු යවන්නා – P.C.කරණාසේන (රාජකීය විද්‍යාලය)
- තුන් ඉරියව් කී‍්‍රඩකයා – දිනෙත් ධනංජය (රිච්මන්ඞ් විද්‍යාල) ඇගයීම් ලැබීය. කරගාවලියේ සත්කාරකත්වය දැරීමේ වගකීම මෙවර ගාල්ල රිච්මන්ඩ් විදයාලයට පැවරී තිබිණ.මෙවර තරගාවලියේ විශේෂ සිහිකිරිම් අතරට ශ්‍රී ලංකාවට බේස්බෝල් ක්‍රීඩාව හදුන්වා දී විසිපස් වසරක් ගත වීම විශේෂත්වයක් ගත් අතර එය ස්මරණය කරමින් තරගාවලියට ප්‍රවේශ වන විට එහි පුරෝගාමී මෙහෙවර සිදු කළ හිටපු අමාත්‍ය පෙස්ටස් පෙරේරා දැයෙන් සමු ගැනීමද විශේෂත්වයකි.
- www.supirikrida.com
No comments:
Post a Comment