May 22, 2012

අවලංගු කරයි - යළි සළකා බලයි






http://www.sportsbizasia.com/wp-content/uploads/2009/11/Suresh-Kalmadi-AAA-appointment-S.JPGජූනි නව වන දා පැවත්වීමට නියමිතව තිබූ ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනයේ තත්ත්වය පිළිබදව සෑහීමකට පත් නොවන බව දන්වා සිටින ආසියානු මලල ක්‍රීඩා සංගමය එම තරගය අවලංගු කරන බව ආසියානු සම්මේලනයේ ලේකම් සහ භාණ්ඩාගාරික මොරිස් නිකොලස් හරහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙත දන්වා තිබෙනවා.නමුත් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක ද මොරිස් නිකොලස් සමග දුරකථනයෙන් කළ සංවාදයකට පසුව නැවත තොරතුරු දන්වා එවන ලෙස ප්‍රකාශ කර ඇති අතර විධායක කමිටුවට දැණුම් දී නැවත සළකා බැලීමකට ද එකග වී ඇත.
මේ වන විටත් තරගාවලිය සංවිධානය වෙනුවෙන් විශාල සූදානමක් පවතින බව සහ දැඩි වියදමක් දරා ඇති බව ද සංවිධාන ශක්තිය පිලීබදව විශ්වසනීයත්වය ද මොරිස් නිකොලස් ට පෙන්වා දීමට අමතරව අමාත්‍යවරයා විසින් ක්‍රීඩා උළෙලට ලබා දී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික වටිනාකම ද තහවුරු කිරීමෙන් පසුව මොරිස් නිකොලස් මෙම තීරණයට එළැඹ තිබේ.    
පැවති පරිපාලනයේ ඇතැම් පිරිස් නිලවරණය සම්බන්ධයෙන් ආසියානු සම්මේලනයට දන්වා තිබෙන අදහස් සහ කර තිබෙන චෝදනා මෙම අවලංගු කිරීමට හේතු වී තිබෙන බව පෙන්වා තිබෙන අමාත්‍යංශ නියෝජිතයෙකු  නමුත් මෙම පරිපාලනයේ මීට පෙර පරිපාලනය නියෝජනය කළ පිරිස් විශාල පිරිසක එම තනතුරු වලම සහ වෙනත් තනතුරු වල ද සිටින බව පෙන්වා දුන්නේය.එසේම අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පත් වූ පරිපාලනය ජාත්‍යන්තර වශයෙන් සබදතා පවත්වා ගැනීමට යොමු කර තිබෙන අවධානය ද ප්‍රමාණවත් නැති බවය.එසේම අමාත්‍යවරයා විසින් මෙම තරගාවලිය සහ මලල ක්‍රීඩා පරිපාලන කටයුතු සදහා සම්බන්ධ කර ගන්නා ලෙස ඇතැම් පුද්ගලයන් ගැන දැනුවත් කිරීම් කළ ද ඒ සම්බන්ධයෙන් ද මලල ක්‍රීඩා පරිපානය අවධානය යොමු කර නැති බව ද එම ආරංචි මාර්ග ඔස්සේ වාර්තා විය.
අමාත්‍යවරයා අප වෙබ් අඩවියට ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කරමින් පෙන්වා දුන්නේ නිලවරණයෙන් තේරී පත් නොවුණු තවත් පිරිසක් මලල ක්‍රීඩා පරිපාලනයේ කටයුතු සදහා ඒ ඒ අයගේ පෞද්ගලික හැකියාවන් සළකා සම්බන්ධ කර ගැනීමට මලල ක්‍රීඩා පරිපානයට උපදෙස් සපයන බවය. 

ගෙබ්රෙලාසිට තවම හති නැහැ

Haile Gebrselassie wins the 2012 BUPA Great Manchester Run 10kHaile Gebrselassie wins the 2012 BUPA Great Manchester Run 10kHaile Gebrselassie wins the 2012 BUPA Great Manchester Run 10kHaile Gebrselassie wins the 2012 BUPA Great Manchester Run 10kලොව බිහි වූ සුපිරිම දුර ධාවකයා හේලි ගෙබ්රෙලාසි,ඒ ගැන විවාදයක් නැහැ.ගෙබ්රෙලාසි ධාවන පථායේ සිට මාර්ගය දක්වා වන සියළුම දුර ධාවන ඉසව්වල ලෝක වාර්තාව දිනා ගන්නට සමත් වුණා.තවමත් මෙම 38 හැවිරිදි ධාවන සූරයා  ජව සම්පන්න තාරුණ්‍යය සමග හති නොවැටී සටන් වදින අයුරු අති විශිෂ්ඨයි.ඒ අති විශිෂ්ඨ බවට තවත් හොදම උදාහරණයක් ලබා දුන් ගෙබ්රෙලාසි පසුගිය දා Bupa Great Manchester Run කිලෝ මීටර් 10 මාර්ග ධාවන තරගය ජය ගත්තා.මේ ගෙබ්රෙලාසි මේ ධාවන තරගය පිට පිටම ජය ගත් සිව්වන අවස්ථාවයි.2009 සිට මෙම තරගය දක්වා පිට පිටම මේ තරගය ජය ගැනීමට අමතරව 2005 වර්ශයේදීත් මෙම මැරතන් තරගය ජය ගැනීමට  සමත් වුණා.
ජයග්‍රහණය පමණක් නොව සුපිරි වේගයක් ද සිය සිරුරේ තවමත් නිරුපද්‍රතව පවතින බව පෙන්වා දුන් ගෙබ්රෙලාසි මෙම වාර්තාගත Bupa Great Manchester Run පස්වන ජය වාර්ථා කළේ ,විනාඩි 27 .39 ක කාලයක් වාර්තා කරමින්.
www.supirikrida.com 

May 21, 2012

වෙළද සේවා බැඩ්මින්ටන් යුගල තරගාවලිය ජූනි 13 දා ඇරඹේ

  glits අන්තර් සමාගම් යුගල බැඩ්මින්ටන් තරගාවලිය දෙවන වරටත් සංවිධානය කිරීමට වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය පියවර ගෙන ඇති අතර ඒ අනුව එම තරගාවලිය ඩූනි 13 දා සිට 17 දා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදී පැවත් වෙනු ඇත.  
glits විලාසිතා අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන මෙම තරගාවලිය ට කාන්තා යුගල, පිරිමි යුගල,මිශ්‍ර යුගල සහ අවුරුදු 40 න් ඉහළ පිරිමි යුගල තරග ඇතුළත් වන අතර එහිදී කණ්ඩායමකට ක්‍රීඩකයන් 7 දෙනෙකු ද ඇතුුළත් වන පරිදි සාමාජිකයන් 10 දෙනෙකුගෙන් යුත් උපරිමයකට යටත්ව ක්‍රීඩක කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.මෙම 10 දෙනා අතරට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද ඇතුළත් විය යුතුය.
තරග ලේකම්,වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය,ජයලත් ගොඩනැගිල්ල,අංක 65/1,දෙවන මහළ,නාවල,නුගේගොඩ යන ලපිනයට සම්පූර්ණ කළ අයදුම් පත් යොමු කළ යුතු අතර තරග ලේකම් මෝදිත ගුණසේකර දුරකථන අංක 0714900631 ඔස්සේ සම්බන්ධ කර ගැනීමෙන් හෝ වෙළද සේවා බැඩ්මින්ට්න් සංගමයට අයත් www.mercantilebadminton.lk වෙබ් අඩවියට සම්බන්ධ වීමේන් ද තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇත.  
www.supirikrida.com

වෙළද සේවා බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ට තාක්ෂණ නිලධාරි දැණුමක්

වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයට අයත් සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය වෙනුවෙන් තරග විනිසුරුවරයෙකු සහ තීරකවරයෙකු ලෙස සහභාගි විය හැකි පරිදි ඔවුන්ට ක්‍රීඩා තාක්ෂණය නව ක්‍රමවේදයන් පිලිබදව දැණුමක් ලබා දීම සදහා සකස් කළ වැඩ මුළුවක්  මැයි මස 26 වන දින පැවත්වීමට කටයුතු යොදා ඇත.
ප්‍රවීන ක්‍රීඩා පුහුණුකරුවෙකු මෙන්ම ජගත් බැඩ්මින්ටන් සංගමයේ තරග තීරකවරයෙකු ද වන අජිත් විජේසිංහ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ තරග තීරකවරයෙකු වන චන්දන නිලන්ත මෙම පුහුණු වැඩ මුළුව මෙහෙය වන අතර එ සදහා සහභාගි වීමට කැමති ක්‍රීඩක ක්‍රීඩිකාවන් මැයි මස 23 දිනට ප්‍රථම සිය අයදුම් පත් සභාපති (ක්‍රීඩා සංවර්ධන),වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය,ජයලත් ගොඩනැගිල්ල,අංක 65/1,දෙවන මහළ,නාවල,නුගේගොඩ යන ලිපිනයට යොමු කළ යුතුය.එසේම දුරකථන අංක 0772 519760 ඹස්සේ සන්වල ලියනගේ ඇමතීමෙන් සහ වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයට අයත්  www.mercantilebadminton.lk වෙබ් අඩවියට සම්බන්ධ වීමෙන් ලබා ගැනීමේ හැකියාව ඇත.

ඔලිම්පික් ගිණි සළුව රැගන යාමට බෙන් ඈන්ස්ලි එක් වෙයි

Ben Ainslie_at_Lands_End_19_Mayදින හැත්තෑවක් පුරා කිලෝ මීටර් 5000 ක දුරක් දිවෙන ඔලිම්පික් ගිනි සිළුව රැගෙන දිවීම සදහා ඊයේ ඔලිම්පික් රන් පදක්කම් දිනා ගැනීමේ භාග්‍ය්‍යට තෙවතාවක්ම හිමිකම් කී රුවල් ඔරු සූර බෙන් ඈන්ස්ලි එක් වුණා.බ්‍රිතාන්‍ය ජාතික ඔරු පැදීමේ ක්‍රීඩා ලෝලීන්ගේ වීරත්වයේ සංඛේතය හැටියට ගැනෙන ඈන්ස්ලි සහභාගීත්වය වෙනුවෙන් විශාල ක්‍රීඩා ලෝලී ප්‍රසාදයක් ඇති වුණ අතර දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති රටක සමස්ථ ක්‍රීඩාව දෙස බුද්ධිමත්ව බැලිය හැකි අවබෝධයක් සහ මූලික දැණුම් පදනමක් සහිත සමාජයක තවත් ක්‍රීඩාවක් පිළිබද හෑල්ලුවට ලක් කර කතා නොකර එහි ඇති බැරෑරුම්කම සහ වගකීම තේරුම් ගෙන කටයුතු කිරීමේ හැකියාවක් ඇති සමාජයක් ලෙස ඈන්සලි ව පිළිගන්නට විශාල පිරිසක් එක්ව සිටියා.ක්‍රීඩා සංස්කෘතියක් පිලිබදව සිහින දකින ශ්‍රී ලංකාව වැනි රටක වෙනත් ක්‍රීඩාවන් අවඥාවට ලක් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ම දකින්නට ලැබෙන වපසරියක  ක්‍රීඩාව දෙස බැලීමට ක්‍රීඩාව කිරීමට අවශයය ශාරීරික ශක්තිය ඉක්මවා වර්ධනය වූ බුද්ධියක් ඇවැසි බව තේරුම් ගැනීමට මෙම ඈන්ස්ලි ගේ සහභාගීත්වය සහ ඊට ලැබුණු දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරය වැදගත් පාඩමක් කර ලත හැකියි.
www.supirikrida.com

May 20, 2012

ඔලිම්පික් ගිනි සිළුව එංගලන්තයට






ලන්ඩන් ඔලිම්පික් උළෙලට දින 70 ක් තිබියදී මැයි 18 වන දා ග්‍රීසියේ ඇතැන්ස් නගරයෙන් ගමන් ඇරඹි ඔලිම්පික් ගිනි සිළුව එංගලන්තය කරා පැමිණියේය.එංගලන්ත ඔලිම්පික් කමිටු සභාපතිණිය වන එංගලන්ත රජ පවුලේ ඈන් කුමරිය සහ ඔලිම්පික් තරග සංවිධාන කමිටුවේ ප්‍රධානි සෙබස්තියන් කෝ මෙන්ම එංගලන්ත පාපන්දුවේ වර්ථමාන සළකුණ වන ඩේවිඩ් බෙකම් වැන්නන් ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ඔලිම්පික් පහන එංගලන්තය වටා ගමන් කිරීමේ උත්සවය ආරම්භ කිරීමට විශේෂ විධි විධාන රැසක් එක කර තිබිණ.
එංගලන්ත අභිමානය පිලීබදව උද්දාමයට පත් ජනතා ප්‍රීති ඝෝෂා මධ්‍යයේ පැවති මෙම අපූරු උත්සව අවස්ථාව ට අයත් ඡායාරූප කිහිපයක් මේ සමග දැක්වේ.

බෙල්ලන්විලෙන් ස්ටෑන්ඩර්ට් පාපැදියට තල්ලුවක්

බෙල්ලන්විල රවිදු කුෂන් වර්ක්ස් අධිපති සම්පත් කුරේ සහ ප්‍රවීන පාපැදි සූරයෙකු වූ රවීන්ද්‍ර පීරිස් (රවී),බෙල්ලන්විල රජමහා විහාරස්ථානය අසළ ත්‍රී රෝද රථ සංගමයේ සහයෝගය ඇතිව සංවිධානය කරන විවෘත ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය මෙම 27 දා උදෑසන 8.00 ට බෙල්ලන්විල රජමහා විහාරස්ථානය අසළින් ඇරඹීමට නියමිතය.කිලෝ මීටර් 120 ක දුර ප්‍රමාණයක් දිවෙන මෙම පාපැදි ධාවන තරගය බෙල්ලන්විල,රත්මලාන,කටුබැද්ද, පිලියන්දල,බොරැලස්ගමුව සහ බෙල්ලන්විල දක්වා දිවෙන වට අටකින් යුත් මෙම පාපැදි සවාරිය දිවයිනේ සියළු තරගකරුවන්ටව විවාත පාපැදි සවාරියක් වන අතර ජයග්‍රාහකයන් දස දෙනෙකුට මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.
පළමු ස්ථානය ලබා ගන්නා තරගකරුට මුදලින් රුපියල් 25,000 ක මුදලක් හිමි වන අතර දෙවන සහ තෙවන ස්ථාන දිනා ගන්නා තරගකරුවන්ට පිළිවෙළින් රුපියල් 20,000 සහ 15,000 බැගින් ත්‍යාග මුදල් හිමි වීමට නියමිතය.සිව්වන ස්ථානය සදහා රුපියල් 10,000 සහ පස්වන ස්ථානයට රුපියල් 7,500  ක් ද හිමි වීමට නියමිත අතර හය වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින් ත්‍යාග මුදල් පිරිනැමීමට නියමිතය.