Sep 29, 2013

COOKSON පාපැදි මුල් පුටුවට


සුගිය දිනවල විශාල වශයෙන් කතා බහට ලක් වූ ජාත්‍යන්තර පා පැදි පරිපාලනයේ මුල් පුටුව වෙනස් කරමින්  එහි නව හිමිකාරීත්වය දිනා ගන්නට බ්‍රිතාන්‍ය ජාතික බ්‍රයන් කුක්සන් සමත් වුණා.ඒ හිටපු සභාපති පැට් මැක්ක්වේඩ්ට වඩා වැඩි ඡන්ද තුනකින් එම තනතුර සදහා වූ තරගය ජය ගනිමින්.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජික සංගමයක් වන ජාත්‍යන්තර පාපැදි සම්මේලනය, පසුගිය කාලයේ ජාත්‍යන්තර වාඩා ආයතනයේ දෝෂ දර්ශනයට ලක් වූ ක්‍රීඩා පරිපාලන ඒකකයක් බවට පත් වුණා.විෂේශයෙන් ලාන්ස් ආමස්ට්‍රෝ‍න්ගේ සුපිරි පාපැදි ජීවිතය තහනම් උත්තේජන චෝදනා සමග දිය වි යාමේදි ඇති වූ ගැටළුකාරී තත්ත්වය හමුවේ මේ තත්ත්වය දකින්නට ලැබුණු අතර කුක්සන් බලයට පත් වීමෙන් පසුව පාපැදි ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස තහනම් උත්තේජන වලට එරෙහිව වාඩා ආයතනය සමග එක්ව දැඩි ක්‍රියා මාර්ග ගැනීමට පොරොන්දු වි තිබෙනවා.




No comments: