Sep 29, 2013

78 වැන්නා 104 වැන්නාට පරදියි

ක්සත් අරාබි එමීර් හී  ක්‍රියාත්මක 17 වන ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් සූරතාවලියේ පළමු දිනයේදී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල දී පිරිමි කණ්ඩායම් අතර අංක 78 ට ශ්‍රේණිගතව සිටින ඕමානය පරාජය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.‍වොලි‍බෝල් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස හැදින්වුව ද,ලොව අංක 104 ට ශ්‍රේණි ගතව සිටින ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම ඕමානයට එරෙහිව ලකුණු 25 - 21,25 - 15 සහ 25 -19 ක් ලෙස මෙම තරගය වට 3 - 0 ක් ලෙස ජයග්‍රහණය කිරීම කැපී පෙණුනා.කාණ්ඩ අ‍ටකට බෙදා තරගාවලියේ මූලික තරග පැවත්වෙන අතර ශ්‍රී ලංකාව තරග වදින ඊ කාණ්ඩයට අයත් වන කණ්ඩායම් තුන අතර සිටින ලොව අංක 19 ට ශ්‍රේණිගත කර තිබෙන ජපාන කණ්ඩායම සමග ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතව ඇත්තේ හෙට එරට වේලාවෙන් පස්වරු 4 .00 ට යි.
තරගාවලිය අරඹමින් ඊයේ (28) පැවති තරග වලදී සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උස්බෙකිස්තානය වට 3 - 1 ක් ලෙස පරාජය කරන්නට සමත් වු අතර වට 3 - 1 ලෙස බහරේන් කණ්ඩායම මියන්මාරය පරාජය කරන්නට ද සමත් වුණා.ජගත් පිරිමි වොලිබෝල් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියෙන්ම සිටින ආසියාතික කණ්ඩායම ලෙස 11 වන ස්ථානයේ පසුවන ඉරානයට ආරම්භක දිනයේ හමු වූ ප්‍රතිවාදියා වූයේ කසකස්තානය යි.ඉරානය කසකස්තානය ට එරෙහිව වට - 3 - 0 ක ජයක් ලබන්නට සමත් වුණා.ඊට අමතරව ඊයේ පැවති තරග වලදී චීන තායිපේ කණ්ඩායම සහ ඉරාකය ද සිය ප්‍රතිවාදීන්ට එරෙහිව වට  3 - 0ක් ලෙස ජයග්‍රහණ වාර්තා කළ අතර පිළිවෙලින් එම කණ්ඩායම් දෙක ඉදිරියේ සවුදි අරාබියාව සහ ඇෆ්ගනිස්තානය පරාජයට පත් වුණා.
www.supirikrida.com

No comments: