Sep 29, 2013

දැල්පන්දු සභාපතිණිය විහිළුවට ලක් කරලා

ර්ථමාන දැල්පන්දු සභාපතිණියගේ සිත් දිනා ගත් ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ඇයට වැරදි තොරතොරු ලබා දෙමින් ක්‍රීඩිකාවන් ඉදිරියේ හාස්‍යයයට ලක් වන ආකාරයේ ප්‍රකාශ නිකුතු කරවමින් පසුව ඒ පිළිබදව ඔවුනොවුන් කතා කරමින් සභාපතිණියගෙ අවබෝධය පිළිබදව ඔවුන්ද උසුළු විසුළු කරන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වුණා.පසුගිය දිනවල පැවති තේරීම් වලදී එසේ සභාපතිණියගේ හිත දිනා ගනිමින් ජ්‍යේෂඨ ක්‍රීඩිකාවක් සංචිතයට ගෙන ඒමටත් ඇයට අභියෝගයක් විය හැකි තරුණ ක්‍රීඩිකාවන් කප්පාදුවටත් මාවත සකසා ගත් වයෝවෘද්ධ නිලධාරිණියක් අදාළ ක්‍රීඩිකාව ආදර්ශමත් ක්‍රීඩිකාවක් ලෙස සළකා තරුණ ක්‍රීඩිකාවන්ට ඇය අනුව ජීවිතය සකසා ගන්නට යැයි සභාපතිණිය හරහා ප්‍රකාශයක් කරන තත්ත්වයට පත් කර තිබෙනවා.
සිය හැසිරීම නිසා සිය පෞද්ගලික ජීවිතය පමණක් නොව අනෙකුත් ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලිකත්වයට පවා හානි වූ බවට තොරතොරු ඇති ක්‍රීඩිකාවක ලෙස ප්‍රකට ඇය පිලිබදව ක්‍රීඩිකාවන් තුළ ඇත්තේ හොද ප්‍රතිරුපයක් නොවන අතර ඇය ආදර්ශයට ගන්නේ නම් පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතර පැවති නොමනා සම්බන්ධතා ක්‍රීඩාවට බලපෑම් කල ආකාරයේ අනාගතයක් සකසා ගත හැකි බවට ක්‍රීඩිකාවන් අතර විශාල කතා බහක් ඇතිවී තිබෙනවා. ක්‍රීඩිකාවන් සභාපතිණියගේ මෙම කතාව පිලිබදව නොයෙකුත් හාස්‍යජනක ප්‍රකාශ කරමින් පසුව සිනා සී ඇති අතර,අදාළ වයෝවෘද්ධ නිලධාරිණියද සභාපතිණියගෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවගේ සැබෑ රූපය සගවමින් ක්‍රිඩාවේ අනාගත බලාපො‍රොත්තු යට ගසමින් ගත් මුග්ධ තීරණය සදහා එම ක්‍රීඩිකාව පිළිබදව සභාපතිණිය තුළ ඇති කළ ප්‍රතිරූපයේ ප්‍රබලත්වය කියා පාමින් සිය හැකියාවන් ගැන උදම් අනා තිබෙනවා.
www.supirikrida.com

No comments: