
මෙම තරගය බනිංහැම් මාලිගාව අසළින් නිමා වීමට නියමිත අතර සාමාන්‍යයෙන් ලක්ෂය ඉක්මවා මෙම තරගය නැරඹිමට මග දෙපස එක්වීම දාමාන්‍යය කාරණයක් වෙනවා.එම නිසා ඇතැම් අය බොස්ටන් ප්‍රහාරය පදනම් කරගෙන ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය සළකා මෙම තරගය පැවත්වීම පිළිබදව දෙගිඩියාව පළ කළද,ක්‍රීඩා අමාත්‍යවරයා ලන්ඩන් ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙල උදාහරණයට ගනිමින් ආරක්ෂාව පිළිබදව විශ්වාසය පළ කරමින් තරගාවලිය පැවත්වීම හැකි වෙනු ඇති බවට ස්ථීර ලෙසම පවසා තිබෙනවා.
ලොව පුරා සිටින ප්‍රබලතම මැරතන් සූරයන් සහ සූරියන් සහභාගි වන මැරතන් තරගයක් ලෙස සැළකෙන මෙම තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එංගලන්තයේ වෙසෙන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ද තරග බිමට පිවිසීමට නියමිත අතර ඔහු ඉකුත් වසරේ මෙම තරගාවලියේදී දැක් වූ දස්කම් නිසා ලන්ඩන් ඔලිම්පික් තරගය නියෝජනයට සුදුසුකම් සපුරා ගත්තා.
මේ සමග වන ඡායාරුපයේ දැක්වෙන්නේ බොස්ටන් පිපිරීම සම්බන්ධ ඡායාරූපයකි.
www.supirikrida.com
No comments:
Post a Comment