Apr 16, 2013

සාමිලා වෙරළ වොලිබෝල් තරගාවලියේ පළමු දිනයේ ශ්‍රී ලංකාවට එක් ජයග්‍රහණයක් පමණයි

තායිලන්තයේ ක්‍රියාත්මක සාමිලා වෙරළ වොලිබෝල් තරගාවලියේ පළමු දිනයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම ජය වාර්තා කරන්නට පුබුදු සහ අසංග නියෝජනය කරන ශ්‍රී ලංකා පිරිමි අංක එක කණ්ඩායම සමත් වුණා.පුබුදු සහ අසංග වෙතින් ජපාන අංක 2 කණ්ඩායම නියෝජනය කළ හතා සහ නකායා වට 2 - 1 ක් ලෙස පරාජයට පත් වුණා.මීට අමතරව ඊයේ පැවති තරග වලදී ශ්‍රී ලංකා අංක 2 කාන්තා කණ්ඩායම නියෝජනය කරන රුවනි තක්ෂිලා සහ ශානිකා ප්‍රියදර්ශණි ජපාන කාන්තා අංක 1 කණ්ඩායම ඉදිරියෙ වටයක් ජය ගැනීමට සමත් වූ අතර එම තරගය විනාඩි 40 ක් පුරා පවත්වාගෙන යාමට රුවනිට සහ ශානිකාට හැකියාව ලැබුණා.
මීට පෙර අප්‍රේල් 9 - 11 දක්වා ක්‍රියාත්මක වූ කානොම් වෙරළ වොලිබෝල් තරගාවලියේ දී  ඉතිහාසයේ ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු වෙරළ වොලිබෝල් කණ්ඩායමක් පරාජය කිරීමේ ගෞරවය දිනූ පුබුදු සහ අසංගගේ කණ්ඩායම සමස්ත තරගාවලිය තුළ හත් වන ස්ථානයට පත් වූ අතර කාන්තා අංක 1 කණ්ඩායම වූ දිනේෂා ප්‍රසාදිනි සහ ගීතීකා ගුණවර්ධන නියෝජනය කළ කණ්ඩායම සමස්ත ශ්‍රේණිගත කිරීමේ නවවන ස්ථානයට පත් වූවා.
www.supirikrida.com

No comments: