Mar 28, 2013

බේස්බෝලයටත් වාරණයක්!

ශ්‍රී ලංකා බේස්බෝල් නිලවරණය 2013 සහ 1014  සහ වාර්ශික මහා සභා රැස්වීම වාරණයට ලක් කරමින් ගම්පහ දිසා අධිකරණ විනිසුරුවරිය විසින් වාරණයක් නිකුත් කරනු ලැබුවා.මාර්තු 30 දා පැවත්වීමට නියමිතව තිබූ නිලවරණය කැදවීම ව්‍යවස්ථානුකූලව සිදු නොවී ඇති බවට බේස්බෝල් ක්‍රීඩා සමාජ කිහිපයක් විසින් කර තිබූ පැමිණිල්ලක් සළකා බැලූ දිසා විනසුරුවරිය අදාළ තීරණය නිකුත් කරමින් මාර්තු 30 සහ අප්‍රේල් 7 දා දක්වා වන කාලය තුළ නිලවරණය පැවත්වීම වාරණයට ලක් කළ අතර අවශ්‍යයතාවය මත එම කාලය දීර්ඝ කිරීමට ඇති හැකියාවද පැහැදිළි කළා.
වාරණයට පටහැනිව කටයුතු කරන්නේනම් අධිකරණය මගින් දඩුවම් ලබා දීමට ඇති ඉඩ කඩ පෙන්වා දුන් දිසා විනිසුරුවරිය,නිලවරණය කැදවීම සදහා 2013 පෙබරවාරි 18 දාතමින් නිකුත් කර ලිපියද අවලංගු කරන්නට යෙදුණා.පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ජීඩබ්ලිව්ආර් ධම්මික මහතාගේ උපදෙස් පරිදි නීතිඥ ජානක බාසූරිය සහ තිසත් විජේගුණවර්ධන උදිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත්කරන්නට යෙදුණා.
www.supirikrida.com

No comments: