Mar 24, 2013

ශ්‍රී ලංකා පිතිකරුවෝ අන්ධකාරය පරදිති

Tillakaratne Dilshan scored his 15th ODI centuryම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ ආලෝක කුළුණු වල දුර්වලතා හේතුවෙන් විශාල කාලයක් නවතා තබන්නට සිදුවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ ඉලක්කය තරමක් දුෂ්කර මුහුණුවරක් ගත්තද,ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් ආලෝකකරණ ගැටළුව නිසා ශ්‍රී ලංකාවට විදින්නට වූ අකීර්තිය අකා මකා දමමින් සුපිරි ප්‍රහාරයක් දියත් කරමින් තරගය ජය ගත්තේය.තිලකරත්න ඩිල්ෂාන් ඒ අතරින් වඩාත් කැපී පෙණුන පිතිකරුවා වූ අතර ඔහු නොදැවී ලකුණු 113 ක් ලබමින් තරගයේ ජයග්‍රහණය ශ්‍රී  ලංකාව සතු කර දෙන්නට අවශ්‍යය විශාලතම කාර්යභාරය සිදු කළේය.
ඩිල්ෂාන් සමග එක්ව මේ තරගාවලිය තුළ නොනවතින ලකුණු යන්ත්‍රය බවට  පත් වී සිටින කුමාර සංගක්කාර ලකුණු 72 ද උපුල් තරංග වෙනුවට අත්හදා බැලූ ආරම්භක පිතිකරු භූමිකාවට ශක්තියක් එක් කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු 42 ක් ද ලබමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ ප්‍රධාන භූමිකා නිරූපනය කරන්නෝ වූහ.
කාසියේ වාසිය ලබමින් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට බංගලාදේශය කැදවන්නට තීරණය කළ අතර බංගලාදේශ ඉණිම ශක්තිමත් කළ තමීම් ඉක්බාල් පන්දු ඕවර් 43 ක් පිටියේ රැදෙමින් බංගලාදේශ ඉණිමට ජීවය එක් කරමින් ලකුණු 112 ක් රැස් කළේය.තරගයේ අවසාන භාගයේදී ගිණිකෙළි සංදර්ශණයක් බදු ඉණිමක් දියත් කළ නසීර් හොසේන් හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමග පන්දු 59 දී ලකුණු 73 ක් නොදැවී ලබා ගැනීමට සමත් විය.
පන්දු යැවීමේ දී ලසිත් මාලිංග ලකුණු 51 ට කඩුලු 2 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 36 ට කඩුලු 2 ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.පිළිතුරු ඉණිම සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විශාල වේලාවක් අහිමි වූ අතර ඒ ක්‍රීඩා පිටියට තරගයට අවශ්‍යය පරිදි ආලෝකය සම්පාදනය නොවූ බැවිනි.මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊට ලෝකයෙන් සමාව ඉල්ලා නිවේදනයක් නිකුත් කර ඇතත් එය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට එරෙහි සාධකයක් විය හැකි බවට ඉගි පළ කරමින් අහිමි වූ කාලය සළකා තරගය ඩක්වර්ත්ලුවිස් න්‍යායට ඇතුළත් කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා ඉණිමේ ඉලක්කය බංගලාදේශය ලබාගත් ලකුණු 259 වෙනුවට පන්දු ඕවර් 41 තුළ ලකුණු 238 ක් රැස් කරන්නට සිදුවිය.
ආරම්භක පිතිකරුවන් ලෙස පන්දු ඕවර් 12.1 ක් තුළ ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 106 දක්වා ඉහළ දැමීමට සමත් වූ කුසල් ජනිත් සහ ඩිල්ෂාන් පහසුවෙන් ජයග්‍රහණය සදහා අවශ්‍යය අඩිතාලම සකස් කර දුන්නේය.අනතුරුව යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් දෙවන කඩුල්ලට සංගක්කාර සහ ඩිල්ෂාන් අතරද ලකුණු 128 ක සබදතාවයක් ඇති වූයේ බංගලාදේශයට කඩුලු 8 ක පරාජයක් සදහා මාවත විවර කරමින්ය.
හ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඊයේ අලුත් මුහුණු තුනක් එක්දින වරම් ලබා දීම පිණිස පෙළ ගස්වා තිබුණ ද,කිත්රුවන් විතානගේ,සචිත් පතිරණ සහ ඇන්ජලෝ පෙරේරා යන තිදෙනාට තව දුරටත් එම භාග්‍යය උදා කර ගැනීම සදහා ඉවසා සිටින්නට සිදු විය.ඔවුන් තිදෙනාට අවස්ථාව අහිමි වීම මෙන්ම උපුල් තරංග ද කණ්ඩායම් සංචිතයේ සිටියද ,ශ්‍රී ලංකාව ඔහුට වඩා කුසල් ජනිත් අත්හදා බැලීමට මූලක තැන ලබා දෙන්නට තීරණය කර තිබිණ.ඒ ප්‍රතිපලය උපුල් තරංගට තව ටික කාලයක් සිය ස්ථානය වෙනුවෙන් සටනක් දීමට වනු ඇති බවට ඉගි පළ කළ කුසල් ද හොද නිර්භීත ඉණිමක් ක්‍රීඩා කරමින් සිය ස්ථානය තහවුරු කර ගැනීමට මත් විය.
විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩා කළ ඩිල්ෂාන් සනත් ජයසූරියගෙන් පසු වැඩිම එක්දින ශතකලාභියා ලෙස සිය නම වාර්තා පොතට ඇතුළත් කර ගත්තේ සිය 15 වන ටෙස්ට් ශතකයට ප්‍රවේශ වෙමින් ය. එම විසල් වටිනාකමක් සහිත ඉණිම හරහා ඩිල්ෂාන් තරගයේ වීරයා වූ අතර පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරය සදහා පිවිසිය හැකි සබදතාවය යි.
http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2013/engine/current/match/602474.html
www.supirikrida.com

No comments: