Mar 28, 2013

වෙළද සේවා බී කොටසේ සූරතාවය මාස් යුනිචෙලා ට

වෙළද සේවා බී කොටසේ සීමිත ඕවර් ක්‍රිකට් සූරතාවය දිනා ගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම සමත් වුණා.ඔවුන් අතින් අවසාන තරගයේදී පරාජයට පත් වුණේ කොමර්ෂල් බැංකු කණ්ඩායමයි.ජයග්‍රාහී යුනිචෙලා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් කොමර්ෂල් බැංකු කණ්ඩායම ලබා ගත් ලකුණු 169 කඩුලු 7 ක් දැවී ලකුණු 170 ක් ලබා ගනිමින් පසු කර යාමට සමත් වූ මාස් යුනිචෙලා කණ්ඩායම කඩුලු 3 ක ජයක් වාර්තා කරන්නට සමත් වුණා.
මාස් යුනිචෙලා කණ්ඩායම මංජුල ප්‍රනාන්දු විසින් මෙහෙය වූ අතර උප නායක නදීර නාවල මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ගයාන් විජේකෝන් මෙන්ම නැගී එන ක්‍රීඩකයෙකු වන නිරෝෂන් දික්වැල්ලගේ සහය ද මාස් යුනිචෙලා කණ්ඩායමට හිමි වුණා.
පළමුව පන්දුවට පහර දුන් කොමර්ෂල් බැංකු කණ්ඩායම වෙනුවෙන් අරුණ ඩයස් ලකුණු 50 ක් ලබා ගත් අතර ප්‍රියංග කෝරළේගෙදර ලකුණු 28 ට කඩුලු 4 ක් ලබා ගැනීමට සමත් වුණා.පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ මාස් යුනිචෙලා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 58 ක් ලබා ගත් අතර කොමර්ෂල් බැංකු කණ්ඩායම  වෙනුවෙන් චතුර රන්දුණු ලකුණු 40 ට කඩුලු 3 ක් දවා ගත්තා.
www.supirikrida.com

No comments: