ලොව බිහිවූ සාර්ථකම ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස ප්‍රකට සනත් ජයසූරිය පිතිකරුවෙක් ලෙස පිත්ත හංගා ගෙන පන්දුවට පහර දෙන්නෙකු නොවුනද,මෑත කාලයේ ඔහු ර්‍කඩාව සම්බන්ධයෙන් ප්‍රකාශ කරන අවස්ථාවල දී ආණ්ඩුවේ මංත්‍රීවරයෙකු නිසා දෝ,පිත්ත හංගා ගෙන පහර දෙන පිතිකරුවෙකු ගේ ස්වභාවය පළ කළේය.නමුත් ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු එක්දින තරගයට පෙරාතුව CSN නාලිකාවේ සාකච්ඡාවට කැළුම් ශ්‍රීමාල් සමග එක් වූ සනත් ශ්‍රී ලංකා තේරීම් කමිටුව වහාම වෙනස් විය යුතු බවට කරුණු සාධක ඉදිරිපත් කරමින් කතා කළේය.එසේම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නම් ලොව කිසිම ක්‍රීඩකයෙකුට නොදෙවැනි වුව ද, ඔවුන් මානසිකව ක්‍රීඩාවට උචිත තත්ත්වයට පත්ව නොතිබීම ගැන ද සනත් කරුණු පැහැදිළි කළේය.
රජයේ වරප්‍රසාද ලබන පුද්ගලයෙකු ලෙස හැදින්වෙන් අසන්ත ද මෙල් ඇතුළු තේරීම් කමිටු නිලධාරීන් පිළිබදව ජනමාධ්‍යය මගින් කරන ප්‍රකාශ සහ හෙළිදරව් කිරීම් හෝ හරූන් ලොගාඩ් ගේ කෝටි ගණනක වාර්තාවේ කරුණුද ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රියාවට නොනගා තිබෙන තත්ත්වයක් තුළ ඒ සියල්ලන්ගේ ක්‍රියාවලියට එරෙහිව එල්ල කළ දැවැන්ත ප්‍රහාරයක් ලෙස සනත් විසින් කරන ලද තේරීම් කමිටුවට එරෙහි ප්‍රකාශය හැදින්විය හැකිය.
www.supirikrida.com
No comments:
Post a Comment