Jan 12, 2013

කැන්ගරු පැටව්නුත් සිංහයන් දඩයම් කරති

Phillip Hughes was the first Australian to score a century on ODI debutශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේදි 2015 ලෝක කුසලාන අත්දැකීම් බලාපොරොත්තුවෙන් සැළසුම් කරන ලද ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉදිරියේද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 107 කින් පරාජය විය.කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව ලකුණු 305 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවයට එල්ල කළ මානසික පීඩනය ඉදිරියේ වියවුල් මනසින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙකුම දුවද්දී දැවී ගිය අතර ඒ අතරින් ඇන්ජලෝ මැතිව්ස් සහ ලහිරු තිරිමාන්න ගේ දුවද්දී දැවී යාම් ලකුණක් අසළකවත් නොතිබිය දි ගත් අසාර්ථක සහ වගකීමකින් තොරව කඩුලු අතර දිවීම් නිසා සිදු වූ දැවීයාම් විය.
නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ඕස්ට්‍රේලියාව ලකුණු 300 ඉක්මවීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අභිමානය පහුරු ගෑමක් වූ අතර ඒ පීඩනය තුළ සිට ලකුණු 300 දෙස බලන්නට යාම නිසා දෝ ලකුණු ගැවසුණු මෙල්බර්න් තණතිල්ල තුළ ශ්‍රී ලංකා පිතිකරුවෝ අනවශ්‍යය කළබලයකට ලක් වීම මෙම පරාජයට හේතු කාරක සැපයීය.පළමු කඩුලු දෙක ලකුණු 17 දී අහිමි වූ විට ඩිල්ෂාන් සහ දිනේෂ් චන්දිමාල් තෙවන කඩුල්ල වෙනුවෙන් ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළ නංවන සබදතාවයක් ගොඩ නගමින් ලකුණු පූවරුව ඉහළ දමමින් සිටියදී,ලකුණු පූවරුව නෙල්සන් තත්ත්වයට (111) පත් වෙද්දී ඩිල්ෂාන් ගේ කඩිසර නොවුණු කඩුලු අතර දිවීමේ ප්‍රතිපලය ශ්‍රී ලංකාවට තෙවන කඩුල්ල අහිමි කළේය.
ඩිල්ෂාන්ගෙන් එක් වූ ලකුණු 51 සහ චන්දිමාල් ක්‍රීඩා කළ සටන්කාමී ඉණිමෙන් ලැබුණු 73 ත් නොවන්නට වගකීම් සහගත පිතිකරණයක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට නොලැබුණු අතර ඒ නිසා ශ්‍රී ලංකා ඉණිම මුළු ලකුණු ප්‍රමාණය 198 ක් ව තිබියදී අහවර විය.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යවන්නන්ගේ සේවයටත් වඩා පන්දු රැකීමේ සුපිරි තත්ත්වය කැපී පෙණුන අතර ක්ලින්ට් මැකේ ලකුණු 33 ට කඩුලු 4 ක් දවා ගනිමින් පන්දු රකින්නන්ගේ සහයෝගයේ ඉහළම ප්‍රතිපලලාභියා විය.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සිය මංගල එක්දින තරගයේදීම ශතකයක් ලැබු පළමු ඕසට්‍රේලියානුවා වෙමින් කැපී පෙණුන පිලිප් හියුග්ස් ලකුණු 112 ක් ලබා ගත් අතර සිය පළමු එක්දින නායකත්වය ජයග්‍රාහී සැමරුමක් කර ගැනීමට අවශ්‍යය පසුබිම සකස් කරන්නට හියුග්ස් හා එක්ව ලකුණු 140 ක සබදතාවයක් තෙවන කඩුල්ලට පැවත්වූ ජෝර්ජ් බේලි ප්‍රවේගකාරී ලකුණු 89 ක් එක් කළේ පන්දු 79 කින් ය.ඩේවිඩ් හසී පන්දු 34 කින් නොදැවී ලැබූ ලකුණු 60 කින්  තරගයේ අවසාන භාගය හැඩ කළේය.පන්දු යැවීමේ දී අජන්ත මෙණ්ඩිස් සිය අවසාන පන්දු ඕවරය යැවීම තෙක් හොදින් පන්දු යැවූ නමුත් වේග පන්දු යවන්නන්ට උචිත තණතිල්ල තුළ ඕස්ට්‍රේලියාවට එරෙහිව යවන අවසන් පන්දු ඕවරය යැවීමේ දුෂ්කර කාර්යය ඉටු කරන්නට ගිය අජන්ත තරගය නිමා කළේ පන්දු ඕවර් 10 ක් තුළ තරගයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා දුන් පන්දු යවන්නා බවට පත් වෙමින් ලකුණු 62 ක් ලබා දී එක් කඩුල්ලක් ලබා ගනිමින්ය.
තරගයේ වීරයා ලෙස වාර්තාගත ශතකයක් ලැබූ පිලිප් හියුග්ස් සම්මානනීය වූ අතර තරගයේ සමස්ත ලකුණු විස්තරයට මෙම සබදතාවය ඔස්සේ පිවිසිය හැකිය.http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573014.html

www.supirikrida.com

No comments: