Jan 10, 2013

සිංහල ක්‍රීඩා සමාජය සහ රාගම අවසන් තරගයට

 මෙවර පළමු පෙළ එක්දින තරගාවලියේ අවසාන තරගයට පිවිසීමට සිංහල ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගැනීමට සමත් වී ඇත.ඒ අනුව හෙට (11) එම ක්‍රීඩා සමාජ දෙක අතර පැවත්වෙන අවසාන තරගය කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී පැවත්වේ.
Sahan Hewa Thilina Kandamby
තිළිණ
Sameera De Zoysa Player Profile
සමීර
පළමු අවසන් තරගයෙන් කොළඹ එන්සීසී ක්‍රීඩා සමාජය පරදවා එස්එස්සී ක්‍රීඩා සමාජය කඩුලු හතක ජයක් ලබා ගත් අතර එම ජයග්‍රහණයේ වැඩි ගෞරවය එස්එස්සී කණ්ඩායමේ කෞෂාල් සිල්වා ගේ ( නොදැවී 103)  සහ නායක තිළිණ කණ්ඩම්බි ගේ (නොදැවී 75 ) ට හිමි විය යුතුය.එසේම පන්දු යැවීමේ දී ධනුෂ්ක ගුණතිලක ලකුණු 28 ට කඩුලු 5 ක් දවා ගනිමින් එන්සීසී ලකුණු පූවරුව ලකුණු 222 ට සීමා කරන්නට මුල් විය.
රාගම සහ කෝල්ට්ස් අතර තරගයේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වූයේ රාගම පන්දු යවනන්න්ය.තම ඉණිම ලකුණු 206 ක් දක්වා අපහසුවෙන් ඇද ගෙන ගිය රාගම ක්‍රීඩා සමාජයට නායක සමීර සොයිසා (56) සහ මිලින්ද සිරිවර්ධන (43) ගේ දායකත්වය බෙහෙවින් ඉවහල් වූ අතර එම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කිරීමට රාගම පන්දු යවන්නෝ ඉතා කැපවීමෙන් පන්දු යවමින් කෝලට්ස් ක්‍රීඩා සමාජය ලකුණු 113 ට සීමා කරන්නට සමත් විය.මාලිංග බණ්ඩාර ලකුණු 15 ට කඩුලු 3 ක් දවා ගත් අතර සටන්කාමී ඉණිමක නියැලි ශිහාන් කමිලීන් පළමු කඩුල්ල දැවී යාමෙන පසුව පිටියට පිවිස ලකුණු 39 ක් ලබා හුදෙකලාව නොදැවී සිටියේ සිය කණ්ඩායමෙන් සටන් සගයෙකු සොයා ගැනීමට නොහැකි වූ කණගාටුවෙන්  යුතුවය.
http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/current/match/591943.html එස්එස්සී - එන්සීසී ලකුණු සටහනට මෙම සබදතාවය ඔස්සේ පිවිසිය හැකි අතර රාගම = කොල්ට්ස් ලකුණු සටහනට http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/current/match/591944.html සබදතාවය ඔස්සේ පිවිසිය හැකිය. 

No comments: