
නමුත් ශ්‍රී ලංකාව මාල දිවයිනට පරාජය වූ තරගයේදී මාල දිවයින ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 3 ක් ලබා ගත් අතර පකිස්තානය සමග පැවති තරගයේදී මාල දිවයින ජය ගත්තේ ගෝල 1 - 0 ක් ලෙස ය.ඒ අනුව ප්‍රතිවාදීන්ට ගෝල ලබා දීමේ දී ශ්‍රී ලංකාවට වඩා හොද මට්ටමක සිටි පකිස්තාන් කණ්ඩායමට අවසාන තරගයට පිවිසෙන්නට අවස්ථාව හිමි විණි.පළමු තරගය පරාජය වුව ද ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙකේදී සටන්කාමී වැඩ සටහනක් පෙරට ගෙන එමින් මැනවින් ක්‍රීඩා කළ අතර ඒ නිසා මෙම තරගාවලියේ ආරම්භක තරගයේදී පෑ දුර්වලතා විශාල වෙනසකට බදුන් කර ගන්නට කැප වූ වූ බව පැවසිය හැකිය.
මේ තත්ත්වය නිසා කලකට පසුව මාල දිවයිනට පරාජය වුව ද,බංගලාදේශය පරාජය කරමින් සහ පකිස්තානය සමග තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරමින්ද යහපත් ප්‍රවේශයක් ඉදිරි තරගාවලි සදහා ලබා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වූ අතර දැල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා ගේ ආක්‍රමණශීලී සහ විශ්වසනීය ක්‍රීඩා රටාව පකිස්තානය සමග පැවති තරගයේදී ඉහළින් කැපී පෙණින.
No comments:
Post a Comment