
නමුත් තෙවන කාර්තුවේදී අයර්ලන්ත ක්‍රීඩිකාවන්ගේ ශක්තිමත් භාවය සහ දරා ගැනීමේ හැකියාව ඉදිරියේ ලකුණු ලබා ගැනීම සිදු වූයේ ශ්‍රී ලංකාව ලකුණු 20 ක සහ අයර්ලන්තය ලකුණු 16 ක් ලෙසය.මේ තත්ත්වය සිව්වන වටයේදී තවත් හොදින් පැහැදිළි වන්නට වූ අතර එහිදී අයර්ලන්තය ලකුණු 16 - 13 ක් ලෙස සිව්වන කාර්තුව ජය ගන්නට සමත් විය.නමුත් මුල් වට දෙකේ ලබා තිබූ වාසියේ මහිමයෙන් අවසාන ප්‍රතිපලයේදී හ්‍රී ලංකාවට ලකුණු 7 ක් ඉදිරියෙන් සිට තරගය ජය ගැනීමට හැකි විය.
මේ අතර සිංගප්පූරුවට එරෙහිය ගෙදරය පැන පහර දීමක් කිරීමට ටැන්සානියාව සමත් වූ අතර සිංගප්පූරුව ඔවුන් ඉදිරියේ 34 - 51 ලෙස පරාජය ලැබීය.මැලේසියාව සහ නැමීබියාව අතර තරගයේදී නැමීබියාව තරගයේ මුල් කාර්තුවේ දී ලකුණු 12 - 11 ක් ලෙස පෙරට පැමිණිය ද,සමස්ත තරගය පුරා එම වාසිදායක තත්ත්වය රදවා ගැනීමට වර්ධනය කර ගැනීමට අවස්ථාවක් නොදුන් මැලේසියාව තරගය ලකුණු 59 - 42 ක් ලෙස පහසු ජයග්‍රහණයකින් කෙළවර කළේය.
www.supirikrida.com
No comments:
Post a Comment