Dec 4, 2012

අතට ගත් දේ ඔබා නොගත් ලංකාවේ කටට මාල දිවයින ගෝල තුනක් ඔබයි

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන මහින්ද රාජපක්ෂ කුසලානය සදහා වන දකුණු ආසියාතික පාපන්දු තරගාවලියේ ප්‍රථම තරගයේ දී ප්‍රථම භාගයේදී ශ්‍රී ලංකාවට ගෝල ලබා ගැනීමට ලැබුණු අවස්ථා කිහිපයක්ම අලසකම,නොසැළකිල්ල සහ කණ්ඩායම් හැගීමෙන් තොර වීම නිසා මග හැර ගැනීමේ වරදට දඩුවම් ලෙස මාල දිවයින පිළෙන් ගෝල තුනක ප්‍රහාරයක් විදින්නට ශ්‍රී ලංකාවට සිදු විය.වි‍ශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම තුළ අනොන්‍ය අවබෝධයේ විශාල හිදැස් දකින්නට ලැබුණු අතර එම හිදැස් වලින් මාල දිවයින කණ්ඩායම රිංගා යාමට තරම් අවස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීම කැපී පෙණින.පන්දු පාලනය මේ නිසා උපක්‍රමශීලී සහ නිවැරදි තත්ත්වයෙන් පැවති අතර දඩුවම් පහර හැරෙන්නට ඉතිරි ගෝල දෙකම රැස් කිරීමේදී ක්‍රිඩාවේ සාමූහික ශිල්පීය ගුණය මාල දිවයින කණ්ඩායම හරහා ප්‍රදර්ශණය වීම කැපී පෙණින.
මේ අතර පකිස්තානය සහ බංගලාදේශය අතර පැවති තරගයෙන් බංගලාදේශය පරදා පකිස්තානය ජය ගත්තේ ගෝල 1 - 0 ක් ලෙස ය.තරගාවලියේ ප්‍රථම දිනය නිමවන විට ශ්‍රී ලංකාව සහ බංගලාදේශය පරාජිතයන්ගේ ගොන්නට වැටී ඇති අතර පකිස්තානය සහ මාල දිවයින ජයග්‍රාහී කණ්ඩායම් ලෙස මහින්ද රාජපක්ෂ කුසලානය සදහා ළං වීමේ උත්සාහයේ පෙරමුණේ සිටියි.
මේ සමග දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ මාල දිවයින අතර පැවති තරගයේ දසුන් සහ පකිස්තානය සහ බංගලාදේශය අතර පැවති තරගයේ දසුන් පාලිත ගුණසිංහ ගේ කැමරා කාචයේ සටහන් වී ඇති අයුරුයි.
www.supirikrida.com

No comments: