අවුරුදු 10 න් පහළ බාලක තරග අංශයේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන සූරතාවයට හිමිකම් කී අතර අනු සූරතාවයට හිමි වූවේ කෑගලු විද්‍යාලයේ හංස මෙත්මාල්ට යි.අවුරුදු 10 න් පහළ බාලිකා සූරතාවය අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ දිල්මි කොළඹගේට හිමි වූ අතර අනු සූරතාවය අම්බලන්ගොඩ ධර්මාශොක විද්‍යාලයේ අහිකා සත්සරණි දිනා ගත්තා.
අවුරුදු 12 න් පහළ බාලිකා සූරතාවය නුගේගොඩ අනුලා විද්‍යාලයේ හංසනී පියුමාලා ට හිමි වූ අතර අනු සූරතාවය හිමි වූයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉමාසා ද සිල්වා ට යි.එම වයස් සීමාවේ බාලක සූරතාවය කොළඹ වෙස්ලි විද්‍යාලයේ ලිත්මිණ මහානාම දිනා ගත්තා.අනූ සූරයා බවට කෑගලු විදයාලයේ තේනුක ධිනුජය තේරී පත් වුණා.
අවුරුදු 15 න් පහළ බාලක සහ බාලිකා සූරතා උදය සහ මුතුමාලි විසින් දිනා ගනිද්දි පිළිවෙළින් එහි බාලක සහ බාලිකා අනු සූරතා විද්‍යාර්ථ විද්‍යාලයේ චින්තක ඒකනායකට සහ මහනුවර උසස් බාලිකාවේ චමත්කා ප්‍රනාන්දු ට හිමි වුණා.අවුරුදු 18 න් පහළ බාලක සූරතාවය උදය රණසිංහට හිමි වෙද්දී,එහි අනු සූරතාවය විද්‍යාර්ථ විද්‍යාලයේම තිළිණ විජේසිරි දිනා ගත්තා.අති සූර ක්‍රීඩිකාව වූ මුතුමාලි අවුරුදු 18 න් පහළ වයස් සීමාවේ අනු සූරිය බවට පත් කරමින් එම වයස් ඛාණ්ඩයේ සූරිය වූයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එරන්දි වරුසවිතාන යි.
මේ සමග වන ඡායාරූපයේ තරග සංවිධායකයන් සහ ජයග්‍රාහකයින් දැක්වෙන අතර ඉදිරිපෙළ වමේ සිට වයඹ පළාත් මේස පන්දු පුහුණුකරු ඩීඑම්ඩීඑස් කුමාර,වයඹ පළාත් මේස පන්දු සංගම් සභාපති තිසර පෙරේරා,ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ඉසුරු ජයවර්ධන,ජාතික මේස පන්දු සංගමයේ ප්‍රධාන සම්බන්ධිකරණ නිලධාරි චන්දන පෙරේරා සහ තරගාවලි ලේකම් තුසාර සම්පත් දැක්වෙනවා.පසුපෙළ තරගාවලියේ ඒ ඒ වයස් සීමා ජයගත් තරගකරුවන් දැක්වෙන අතර වමේ මුතුමාලි ප්‍රියදර්ශණී,එරන්දි වරුසවිතාන,හංසි පියුමාලා,ලිත්මිණ මහානාම,දෙව්මිත් වීරසේන,දිල්මි කොළඹගේ සහ උදය රණසිංහ දැක්වෙන්වා.
www.supirikrida.com
No comments:
Post a Comment