වර්ථමානයේ සිටින සුපිරිතම කෙටි දුර ධාවකයා ලෙස අවිවාදිත බෝල්ට් මෙම සම්මානය සිව්වන වරට දිනා ගත් අතර ෆෙලික්ස් ට මෙම සම්මානය හිමි වූයේ පළමු වරට ය.බෝල්ට්ට ඔලිම්පික් රන් පදක්කම් තුනක් දිනා ගනිමින් දැක් වූ දක්ෂතාවයට සහ ඇලිසන් ෆෙලික්ස් එම ඔලිම්පික් උළෙලේම රන් පදක්කම් තුනක් දිනා ගනිමින් දක්වන ලද දක්ෂතාවය මෙම සම්මානය පිරිනැමීමේදී විශේෂ අවධානයට ලක් වී තිබිණ.
වසරේ හොදම දක්ෂතාවය ලෙස පිරිමි අංශයෙන් මීටර් 800 ඉසව්ව සදහා කෙන්යාවේ ඩේවිඩ් රුඩීෂා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී විනාඩි 1:40.91 ක කාලයක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් තබමින් පෑ දක්ෂතාවය ඇගයීමට ලක් කළ අතර කාන්තා අංශයේ හොදම දක්ෂතාවය ලෙස ඇගයීමට ලක් වූයේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී ඇමෙරිකානු මීටර් 100 කාන්තා සහය දිවීමේ කණ්ඩායම නව ලෝක වාර්තාවක් තබමින් තත්පර 40.82 ක දක්ෂතාවයක් දැක්වීමයි.වසරේ අති සූර ක්‍රීඩිකා ඇගයීමට මෙන්ම හොදම දක්ෂතාවය දැක් වූ ඇමෙරිකානු කාන්තා සහය දිවීමේ කණ්ඩායමේ ඇගයීමට ද ෆෙලික්ස් ලක් වීම මෙහිදී විශේෂ සිදුවීමකි.
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ මොනැකෝ හී ඇල්බට් කුමරු සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලැමිනේ ඩියැක් බෝල්ට් සහ ෆෙලික්ස් සමග ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවයි.
www.supirikrida.com

No comments:
Post a Comment