විශේෂයෙන් ලාංකේය වොලිබෝල් ක්‍රීඩකයාගේ අනාගතය ත්‍රිවිධ හමුදාවන්ට සීමා වී පැවතීම හේතුවෙන් එම කණ්ඩායම් හා අති විශාල පිරිසක් සම්බන්ධ වීම සුලභ තත්ත්වයක් වී තිබේ.මේ හේතුවෙන් දක්ෂ ක්‍රීඩකයන් විශාල පිරිසකට ක්‍රීඩා පිටියට බැසීම පසෙකලා සිය දක්ෂතාවයන් සගවා ගෙන තරග නරඹන්නන් වීමට සිදුවීම ඛේදවාචකයක් බවට පෙරැළි ඇත.
නමුත් නැවතත් වෙළදසේවා වොලිබෝලය පණ ගැන්වීම මත ආයතනික මට්ටමෙන් වෙළද කේෂ්ත්‍රය තුළ වොලිබෝල් ක්‍රීඩාව කෙරෙහි ඇතිවන තරගකාරීත්වය මත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියා අවස්ථා නිර්මාණය වීමට හැකි මාවතක් විවරව පවතින තත්ත්වයක් දැකිය හැකිය.මේ හේතුවෙන් වොලිබෝල් ක්‍රීඩකයාගේ අනාගතයට දැඩි සුරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වන පසුබිමක්,දක්ෂයන් වැඩි පිරිසකට ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමට ලැබෙන ඉඩ -කඩක් නිර්මාණය වන අවස්ථාවක් ලෙස වෙළදසේවා වොලිබෝලයේ නැවත සම්ප්‍රාප්තිය හැදින්විය හැකිය.
තරගයෙන් තරගයට සජීවී ප්‍රතිපල වාර්තාකරණයට සුපිරික්‍රීඩා වෙබ් අඩවිය මගින් පහසුකම් සළසා ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment