
පළමු තරගය පරාජය වුව ද පිතිකරුවෙකු ලෙස ඇන්ජලෝ ජයසිංහ ලකුණු අතරට පිවිසීම කැපී පෙණෙන සිදුවීමක් වූ අතර ඔහු අගනා ලකුණු 83 ක් ලබා ගැනීමට සමත් විය.එසේම නායක සනිත ද මෙල් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 46 ට කඩුලු 3 ක් ලබා ගැනීමෙන් එම තරගයේදී පන්දුවෙන් දස්කම් දැක්වීය.නමුත් දෙදෙනෙකුට පමණක් තරගය ජය ගැනීම අපහසු කාරියක් වන අතර ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ හොද සබදතා කිහිපයක් වාර්තා නොවීම කැපී පෙණෙන දුර්වලතාවයක් විය.පස්වන කඩුල්ල සදහා ඇන්ජලෝ සමග එක්ව ලහිරු මධුශංඛ (48) ලකුණු 85 ක් එක් කළ ද ලහිරු දුවද්දී දැවී යාම නිසා ශ්‍රී ලංකාවට නිරපරාදේ ඔහුගේ කඩුල්ල අහිමි වීම පරාජයට බෙහෙවින් බල පෑවේය.නායක සනිත ද මෙල් (21) ද ඇන්ජලෝ සමග එක්ව හයවන කඩුල්ලට ලකුණු 53 ක් එක් කළ අතර එහෙත් තරගය ආරම්භයේ හොද අඩිතාලමක් වැටි නොවැටීම මෙන්ම පසුපෙළ කඩුලු රැක ගෙන ලකුණු අතරට ඒමේ කලාව හදුනා ගෙන නොසිටීම යන කරුණු ද්විත්වයම පරාජයට පාදක වූ ප්‍රධාන කාරණා විය.
www.supirikrida.com
No comments:
Post a Comment