ඕස්ට්‍රේලියාවේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම තරගයේදී පරාජයට පත් වුව ද දෙවන තරගයේදී නැමීබියාවට එරෙහිව ලකුණු 195 ක දැවැන්ත ජයක් වාර්තා කරන්නට සමත් විය.කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙහිදී ලකුණු 298 ක් රැස් කිරීමට සමත් වූ අතර එහිදී ආරම්භක පිතිකරු සෙබස්තියන් පෙරේරා ලකුණු 69 ක් ලබමින් තරගයේ වීරයා වන්නට සමත් විය.සදුන් වීරක්කොඩි වේගවත් ලකුණු 50 ක් රැස් කළ අතර පළමු තරගයේදී ද සාර්ථක වු ලහිරු මධුශංක වේගවත් ලකුණු 45 ක් රැස් කිරීමට සමත් වූ අතර පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 15 ට කඩුලු 4 ක් ද දවා ගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත සබදතාවයෙන් ලබා ගැනීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/match/554525.html
www.supirikrida.com
No comments:
Post a Comment