Jun 5, 2012

ජාතික කණිෂ්ඨ බොක්සි තරගාවලිය අද සිට දින පහක්

කණිෂ්ඨ බොක්සිං ක්‍රීඩකයන්ට ජාතික මට්ටමට පිවිසෙන්නට මග සකස් කරන ජාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලිය අද (ජූනි 09) සිට දින පහක් (ජූනි 09 දක්වා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ දී පැවත්වෙන බව ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලනය වාර්තා කරයි.අන්තර්මාධය හෝ වෙනත් ජාතික මට්ටමේ ජ්‍යෙෂ්ඨ බොක්සිං තරගාවලියක් නියෝජනය කර නොමැති අවුරුදු 17 සිට 34 දක්වා වයසේ සිටින ‍බොක්සිං ක්‍රීඩකයන්ට විවර වී තිබෙන මෙම තරගාවලිය රට පුරා බොක්සිං සම්බන්ධයෙන් හිමි වී ඇති ජනප්‍රියත්වය නිසා දින පහක් පැවත්වීමට තරම් ඉල්ලුම් ලැබී තිබෙන බව ආධුනික බොක්සිං සම්මේලනයේ ලේකම් මහේෂ් දහනායක පෙන්වා දෙයි.
බොක්සිං ක්‍රීඩාවට යොමුවීමේ හොද ප්‍රවනතාවයක් රට පුරා දකින්නට ලැබෙනවා.මෙය රටට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා දිය හැකි ඉසව්වක් ලෙස ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැගීමට සමත් ක්‍රීඩාවක් බවට පත් වී සිටිනවා.ඒ සදහා අවශ්‍යය මග පෙන්වීම සහ ශක්තිය ලබා දුන් පුද්ගලයා ලෙස ඩයන් ගෝමස් හිදින්විය හැකියි.යනුවෙන් මහේෂ් තව දුරටත් ඒ පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේය.
අද සිට දින පහක් පැවත්වෙන තරගාවලිය සදහා කාන්තා බර පංති  10 සහ පිරිමි බර පංති 10 ක තරග පැවත්වීමට නියමිතය.


දිව්රුම ශිවන්තිට,මුල සුපුන්ට,පහනට නිමේෂා සහ චලන

ශිවන්ති
ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම්ලාභිණිය වූ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ශිවන්ති කුමාරි රත්නායකට හිමි වී ඇති අතර ඇය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ආසියාතික කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 ට වැඩි පිරිසක් වෙනුවෙන් ක්‍රීඩක ප්‍රතිඥාව ලබා දීමට සුදුසුකම් ලබා ඇත.
පිරිමි කණ්ඩායමේ නායකත්වය යොවුන් පොදු රාජ්‍ය මණිඩලීය තරගාවලියේ දී මීටර් 11ද කඩුලු ඉසව්වේ දී 7 වන ස්ථානය  දිනා ගත් සුපුන් විරාජ් රන්දෙණියට හිමි වී ඇත.රණබිම රාජකීය විද්‍යාලයේ සිසුවෙකු වන සුපුන්, ඉදුත් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනයට සුදුසුකම් සැපිරෑ පළමු ක්‍රීඩකයා වුව ද ඔහුට හිටපු මලල ක්‍රීඩා පරිපාලනය එම තරගාවලිය නියෝජනයට අවස්ථාව ලබා දුන්නේ නැත.පසුගිය පරිපාලකයන් බොහො දෙනෙකුට නැවත නිලවරණයට පිවිසීමට අවස්ථාව ලබා දීමට අමාත්‍යවරයාගේ අවසරය නොලැබුණු හේතු අතර නිවැරදිව තේරීම් නොකළ බවට එලල වූ චෝදනා වලදී සුපුන්ට එම අවස්ථාව ලබා නොදීමත් බරපතල චෝදනාවක් ලෙස ගැණින.සුපුන් මෙවර ද මේ වන විටත් ස්පාඤ්ඤයේ බාසිලෝනා හි පැවත්වීමට නියමිත ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන් තරග වැදීමට අවශ්‍යය පරිසාධන මට්ටමට පිවිස ඇත.
සුපුන්
තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් ඔලිම්පික් පහන දැල්වීම සිදු වන්නේ යොවුන් උස පැනීමේ සූරී මධුෂානි නිමේෂා සිරිවර්ධන අතින් සහ චලන වීරසිංහ අතිනි.පළමු ආසියාතික යොවුන් තරගාවලියේදී මීටර් 200 ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම පදක්කමක් කරා පිවිසෙද්දී එහි සාමාජිකාවක වූ නිමේෂා ගලෙන්බිදුනුවැව මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවියක වන අතර ඇය පසුගිය යොවුන් පොදු රාජය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ද නියෝජනය කර ඇත්තීය.එසේම මේ වන විටත් බාසිලෝනා හී පැවත්වීමට නියමිත ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කිරීමට අවශ්‍යය පරිසාධන මට්ටම  උස පැනීමේ ඉසව්වෙන් ඉක්මවා සිටින්නීය.
නිමේෂෘ



චලන
චලන වීරසිංහ දික්වැල්ල විජිත මධ්‍ය විද්‍යාලයේ සිසුවෙකු වන අතර ඔහු ඉකුත් 7 වන ජගත් මලල  ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කළ අතර යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් හෙල්ල වීසි කිරීමේ ඉසව්වේ හයවන ස්ථානය ද ලැබීය.කණ්ඩායම් නායකත්වය පිළිබදව සළකා බැලීමට සහ අනෙකුත් ප්‍රදාන වගකීම් පැවරීම සදහා ක්‍රීඩකයන් පස් දෙනෙකු සහ ක්‍රීඩිකාවන් තිදෙනෙකු ගේ දක්ෂතා සළකා බැලුණු අතර ඒ අතරින් සළකා බැලීමට ලක් වූ මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව සදහා 7 වන ජගත් මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කළ දිලීප අබේකෝන් තේරීම් සදහා සළකා බැලූ නීතිමය තත්ත්වයන් අනුව කටයුතු නොකර තිබීම නිසා සංචිතයෙන්ද ඉවත් කර ඇත.ඔහු කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ අතර හොරණ තක්ෂිලා විද්‍යාලයේ සිසුවෙකු වන 7 වන ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සහ යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ අනාගත බලාපොරොත්තුවක් ලෙස සැළකෙන ලහිරු ප්‍රසංජිත් ද විය.
 එසේම කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සිසුවෙකු වන සජිත් සත්සර ද සිල්වා ද මෙම වගකීම් පැවරීම සදහා සළකා බැලූ ක්‍රීඩක ගොන්නේ සිටි අතර ඔහු 7 වනජගත් මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

Jun 4, 2012

අෆ්රිඩීගේ තුන් ඉරියව් දස්කම් ලංකාවට හරහට හිටියි


ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ කළ නව අත්හදා බැලීම් වල ප්‍රතිපල වල පෙනෙන්නට තරම් වරදක් නොතිබුණ ද,සහීඩ් අෆ්රිඩී නම් වූ අති විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩකයා ගේ දස්කම් අභිබවා යන්නට අපොහොසත් වීම නිසා පකිස්තානයට තරගය ජය ගන්නටත්,තරගාවලියේ ප්‍රතිපලය සම කරන්නටත් හැකි විය.මහේල වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වය මෙන්ම ලසිත් මාලිංග ගේ වේගය වෙනුවට ඉසුරු උදාන ගේ වේගය කැදවීමත් ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිදු වී තිබූ කැපී පෙණුනු වෙනස්කම් විය.මහේල ගේ අඩුව යම් තරමකින් ප්‍රදර්ශනය වුව ද මාලිංග ගේ අඩුව නොදැනෙනන්ට පකිස්තානු පිතිකරුවන් ඇද බැද තබමින් සිය පන්දු ඕවර් 4 ලකුණු 18 ට නිම කරන්නට ඉසුරු උදාන සමත් විය.
පකිස්තානයට ඊයේ දවස තුළ තිබූ විශාලතම හිසරදය බවට පත් වූ නුවන් කුලසේකර සිය වේගයට වඩා මනා පාලනය සහිතව පන්දු මිශ්‍රණයක් යොමු කරමින් පිතිකරුවන් ට විශාල තර්ජනයක් එල්ල කළ අතර ඔහු පන්දු ඔවර් 4 ලකුණු 13 ට නිමා කළේ කඩුලු 2 ක් ද සහිතවය.පන්දු ඕවර් 10 .1 ක් ගෙවෙන තැන දී පකිස්තානයට සිය පිතිකරුවන් සිව් දෙනෙකු ලකුණු 41 ට අහිමි ව තිබු අතර ඉන් අනතුරුව පිටියේ එක වූ සහීඩ් අෆ්රිඩී (නොදැවී 52) සහ සොහීබ් මලික් (27) අතර පස්වන කඩුල්ලට ඇති වූ අගනා ලකුණු 68 ක සබදතාවය නිසා පකිස්තානයට සිය පන්දු ඕවර් 20 නිමා වන විට ලකුණු 122 ක් ලබන්නට හැකි විය.
පිළිතුරු ඉණිමට පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා පිළට ආරම්භය ලබා දෙන්නට මහේල ගේ වගකීම සංගක්කාරට පැවරී තිබුණ ද එය එතරම් සාර්ථක නොවුණු අතර සංගක්කාර ලකුණු 8 ට දැවී ගිය පසු ශ්‍රී ලංකාව කරන්නට උත්සාහ කළ අතහදා බැලීම අසාර්ථක කරමින් අංක තුන පිතිකරු ලෙස පිටියට එවූ නුවන් කුලසේකර ලකුණු නොලබාම දැවී ගියේය.ඒ නිසා ලකුණු 19 ක් වන විට කඩුලු 2 ක් අහිමි වූ ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ කාලයේ ලකුණු සොයමින් සිටින්නේකු ලෙසට පත් වී සිටින ඩිල්ෂාන් සිය පිතිකරණ විශ්වාසය ගොඩ නගමින් සිටින අතරේදී ලකුණු 18 ට අෆ්රිඩී ට ගොදුරු වීමත් සමග ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු ඈත් වී ගියේය.ලහිරු තිරිමාන්න ද ලකුණු 18 ක් ලැබූ අතර ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ චාමර කපුගෙදර ලකුණු 19 ක් ලැබීය.
අවසාන මොහොතේදී ඇන්ජලෝ මැතිව්ස් දවා ගැනීමට අපූරු උඩ පන්දුවක් රැක ගත් අෆ්රිඩී  ගේ තුන් ඉරියව් කැපී පෙනීමට පන්දුවෙන් තව දුරටත් ශක්තිය ලබා දුන් යසීර් අර්ෆත් ලකුණු 18 ට කඩුලු 3 ක් සහ මොහොමඩ් සාමි ලකුණු 16 ට කඩුලු 3 ක් දවා ගත්තේය.පළමු තරගයේදී මෙන්ම ලකුණු ලබා ගැනීමට එරෙහි පවුරක් වෙමින් පන්දු යැවූ සොහීල් තන්වීර් සිය පන්දු ඕවර් 4 ලකුණු 15 ට සීමා කළේ එක් කඩුල්ලක් ලබා ගනිමින්ය.ඒ නිසාම තරගාවලිය පුරා ලංකාවට වඩාත්ම අහිතකර වූ පන්දු යවන්නා වෙමින් කැපී පෙණුනු තනවීර් තරගාවලියේ ද වීරයා වූ අතර දෙවන තරගය ශ්‍රී ලංකාවට එරෙහිව අෆ්රීඩි කළ තරගයක් බවට පත් කළ සහීඩ් අෆ්රීඩී තරගයේ වීරයා විය.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට පිවිසිය හැකි මගයි. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562438.html

Jun 3, 2012

අසන්තට එරෙහිව අසන්ත


ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ ප්‍රධානි අසන්ත ද මෙල් පසු ගිය දිනෙක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ට පන්දු යැවීමෙන් වැළකී සිටින ලෙස උපදෙස් ලබා දී තිබිය දී ඔහු අයිපීඑල් තරගවල පන්දු යැවීම හෙළා දකිමින් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කර තිබිණ.ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහු තෝරා ගන්නේ පිතිකරුවෙකු ලෙස පමණක් බව එහි දී අවධාරණය කරන අසන්ත,ඔහු ගේ සිරුරේ පිහිටීම අනුව ඇගේ ඉහළ කොටස ඔරොත්තු දිය හැකි ශක්තිමත් පාද යුගලක් ඔහුට ස්වභාවයෙන්ම අහිමි ව තිබෙන බවද පැහැදිළි කර තිබිණ.
මාධ්‍යයට කරුණු ඉදිරිපත් කරමින් ද මෙල් අවධාරණය කර තිබුණේ,ඇන්ජලෝ මැතිව්ස් ට පන්දු නොයවන ලෙස අවධාරණය කර තිබිය දී ඔහු පන්දු යවමින් සිය ක්‍රිකට් ජීවිතයට හානි පමුණුවා ගන්නා බව වන අතර ඔහු  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගෙන ඇත්තේ පිතිකරුවෙකු ලෙස පමණක් වන බවය.නමුත් මහේල ජයවර්ධන ඔහු පන්දු යවන්නෙකු ලෙස දිගින් දිගටම පන්දු යැවීම සදහා යොදා ගනිමින් සිටින බව දකින්නට ඇති අතර පකිස්තානයට එරෙහිව පැවති තරගයේදී ද හොදම පන්දු යැවීම ප්‍රදර්ශනය කළේ ද ඇන්ජලෝ මැතිව්ස් ය.

එක ගෙදර අට පෙරට -මලේ කෙහෙවලු පැටලේ


කාන්තා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම පරිපාලනය දක්ෂතා අනුව වරප්‍රසාද ලබා නොදීම නිසා මෙරට සිටින සැබෑ දක්ෂතා ඇති ක්‍රීඩාකාවන්ට අසාධාරණයක් සිදු වී තිබෙන බවට බැඩ්මින්ටන් පරිපාලයට චෝදනා එල්ල වෙයි.ලංකාවේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින ක්‍රීඩිකාවන්ට මේ තත්ත්වය නිසා ඔලිම්පික් සහභාගීත්වය අහිමිව තිබෙන බව පෙන්වා දෙන බවද බැඩ්මින්ටන් පරිපාලයට එරෙහිව එල්ල වන ප්‍රබලතම චෝදනාවකි.
ලංකාවේ මුල් පස් දෙනා අතරට හෝ ඒමට තරම් දක්ෂතා නැති ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග සහභාගීත්වය සදහා උදව් උපකාර සැපයූ බැඩ්මින්ටන් පරිපාලනය එම සහභාගීත්වය සදහා ලැබෙන ප්‍රසාද ලකුණු නිසා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් සිටින්නට එම ක්‍රීඩිකාවට අවස්ථාව සළසා දීම තුළින්  සැබෑ දක්ෂයන්ට විශාල අසාධාරණයක් කර තිබෙන බව පෙන්වා දෙයි.මේ සම්බන්ධයෙන් වෙනත් ක්‍රීඩාවන්ට සම්බන්ධ අයගේ ද විරෝධය ජාතික තේරීම් කමිටුවට මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවට ද එල්ල වෙමින් ඇත.ශ්‍රී ලංකාවේ අංක අටට සිටින ක්‍රීඩිකාවක්ට වයිල්ඩ් කාඩ් යටතේ ඔලිම්පික් සහභාගීත්වය ලබා දෙන්නට උත්සාහ දැරීම වෙනුවට වෙනත් ඔලිම්පික් ක්‍රීඩාවකට අදාළව  අංක එකට ඇති ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට එම අවස්ථාව සළසා නොදෙන්නේ ඇයි ද යන්න එම ක්‍රීඩාවන් හරහා නැගෙන ප්‍රබලතම විරෝධය වී ඇත.
රජයේ සියළු විෂයන් ක්‍රියාවට නැගිය යුත්තේ රට පෙරට යන සංකල්පයේ පිහිටා බව අවධාරණය කරන ක්‍රීඩා කේෂ්ත්‍රයේ ප්‍රවීනයන් බැඩ්මින්ටන්ක්‍රීඩිකාවන්ට  සැළකීමේ දී එම පරිපාලනය රජයේ ආශිර්වාදය ලබා දීමේ දි එකට ගෙනවිත් ඇත්තේ අංක අට  බවත් මේ නිසා රට පෙරට වෙනුවට එහිදී අට පෙරට පැමිණ ඇති බවත් පවසයි.