
තරගාවලියේ උගන්ඩාවට පමණක් පරාජය වූ සිංගප්පූරුව නේෂන් කුසලානයේ හිමිකාරීත්වයට හිමි කම් කී අතර තරගාවලියේ තෙවන ස්ථානය සිංගප්පූරුවට පරාජය වූ සහ උගන්ඩාව සමග තරගය ජය පරාජයෙන් තොරව නිමා කළ පැපුවා නිව් ගිනියා කණ්ඩායමට හිමි වුණා.පැපුවා නිව්ගිනියා කණ්ඩායම තරගාවලියට සහභාගි වූ ජගත් තලයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම වූ අතර ඔවුන් සත්කාරක සිංගප්පූරුවට එරෙහිව ලකුණු 43 - 44 ක් ලෙස පරාජය ලැබීම කුකුසට භාජනය වු අනපේක්ෂිත පරාජයක් ලෙස බොහෝ දෙනා තුළ විමතිය ඇති කළා.එම පරාජය නොවන්නට තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස සූරතාවය සදහා වැඩිම ඉඩක් පැපුවා නිව් ගිනියා තිබූ කණ්ඩායමට තිබුණා.
ඇමෙරිකාව සහ අයර්ලන්තය පරාජය කරමින් දැක් වූ දක්ෂතාවය නිසා තරගාවලියේ සිව්වන ස්ථානයට පත් වන්නට ශ්‍රී ලංකාවට හැකි වූ අතර පස්වන ස්ථානය සහ හය වන ස්ථාන සදහා පිළිවෙලින් අයර්ලන්තය සහ ඇමෙරිකාව නම් වුණා.
තරගාවලියට ජගත් ශ්‍රේණිගත කිරීම් හී ස්ථානයක් නැති නවක කණ්ඩායමක් ලෙස සහභාගි වූ උගන්ඩාව අනු සූරයන් ලෙස තේරී පත්වීම හරහා ඔවුන් සමස්ත දැල්පන්දු ලෝකයේම අවධානය දිනා ගත් අතර ගුවන් ගමන් ප්‍රමාදය නිසා ඇමෙරිකාවට නිතරග ජයක් හිමි නොවන්නට ඔවුන්ට අවිවාදිතවම මෙම තරගාවලියේ සූරියන් වීමට අවස්ථාව තිබුණා.කළු අප්‍රිකාවේ දැල්පන්දු රැජිණන් ලෙස හැදින්වෙන මලාවි කණ්ඩායමේ සෙවනැල්ලක් සේ දිලෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරන උගන්ඩාව,අවසාන වරට ආසියාව ජය ගන්නට ශ්‍රී ලංකාව පාඩම් උගත් මලාවි තරගාවලිය පිලිබදව සහ එයින් ලබා ගත් ශක්තිය හා ජවය පිළිබදව ශ්‍රි ලංකාව අගත් පාඩම් පිලිබදව නැවත සිතන්නටත් මෙම තරගාවලිය මතක් කර දුන්නා.
www.supirikrida.com
No comments:
Post a Comment