බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන්නට යෙදුණ 40 වැනි බස්නාහිර පළාත් කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියේ ඒ කොටසේ සූරතා ද්විත්වයම දිනා ගන්නට ඔටර්ස් කණ්ඩායම සමත් වුණා.ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ පැවති මෙම තරගාවලිය ජාතික බැඩ්මින්ටන් සංගමයේ කෙණහිලිකම් මැද ඉතා සාර්ථකව නිමා කරන්නට එයට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක් වූ සහයෝගය ඉතා ඉහළ මට්ටමකින් පැවතුණා.
ජාතික බැඩ්මින්ටන් සංගමය සිය තරගාවලි කාල සටහනේ වසර මුල සිට ඇතුළත් කර තිබෙන මෙම තරගාවලිය සිය සංගමයට අදාළ තරගාවලියක් නොවන බව කියමින් ප්‍රතික්ෂේප කිරීම කණගාටුවට හේතුවක්.ක්‍රීඩා අමාත්‍යංශයේ ආශිර්වාදය ඇතිව පැමිණි අයෙක් මිස ක්‍රීඩා කළ අයෙක් නොවන සුරාජ් දන්දෙණියට මෙවැනි ආකාරයට හැසිරෙන්නට ආශිර්වාද කරමින් ජාත්‍යන්තර ලේබල් ගසා ගත් පුද්ගලයන් කටයුතු කිරීම කණගාටුවට කරුණක් වන අතර ජනාධිපතිවරයා සිය රජය විවිධ පක්ෂවලට සම්බන්ධ පුද්ගලයන් ගැට ගසා ගෙන සියල්ලම දායක කරගෙන ඉදිරියට කැදවා ගෙන යන්නට වෙර දරන වටපිටාවක සුරාජ් දන්දෙණිය වැනි චරිත වලට මෙසේ හැසිරෙන්නට ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යංශයේ ආශිර්වාදය හිමි වීම රජයේ දේශපාලනික අනන්‍යතාවයද විනාශ කර දැමීමකි.
ක්‍රීඩා නොකළ පුද්ගලයෙක්ට ක්‍රීඩාව වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරයේ හැගීම කියා දී ඔහුව ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් මෙහෙයවිය යුතු වුව ද,ක්‍රීඩාවට සම්බන්ධතා ඇති අය ද සිය පැවත්ම සදහා හේත්තු වී සභාපතිවරයාගේ ඔඩොක්කුවට වැටුණු සර්ප පැටව්න් සේ කටයුතු කිරීම ක්‍රීඩාවේ අවාසනාවක් වන අතර මාධ්‍ය කිහිපයකට ජාත්‍යන්තර චරිතයක් ලෙස පාරම්බාන තරගාවලි කමිටු සභාපතිවරයා බස්නාහිර පළාත් තරගාවලිය සිය සංගමයට අදාළ තරගාවලියක් බව ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර චරිතයක් ලෙස නොව අතිශයින් ප්‍රාථමික ග්‍රෝත්‍රික චරිතයක් ලෙස හැසිරෙමින්ය.
http://www.srilankabadminton.lk/pdf/Tournament_Calender_2013_SLBA.pdf නම් ජාතික බැඩිමින්ටන් සංගමයේ නිල වෙබ් අඩවියේ තරගාවලි කාල සටහන පැහැදිළිවම ඒ බව පෙන්වා දෙද්දී ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තා එසේ තරගාවලියක් නොමැති බව ප්‍රකාශ කිරීම ජාත්‍යන්තර නොව අතිශයින් ප්‍රාථමික විලි ලැජ්ජා නැති කම ප්‍රකට කිරීමක්ය.ජාතික තරගාවලියක් පැවත්වීමට නොහැකි තරමේ දුෂ්කරතා ඉදිරියේ බැඩ්මින්ටන් අසරණ තත්ත්වයට වැටෙන අවස්ථාවලත් බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සිය තරගාවලිය පවත්වාගෙන ගිය අතර 40 වන වරට එය සංවිධානය කිරීමට හැකි වන සේ වෙළද අනුග්‍රහ දිනා ගැනීමටද සමත් වී තිබිණ.FKC1 ශාකසාර ශක්තිජනක අතිරේක ආහාර නිෂ්පාදනායතනය ප්‍රධාන කොට මැලිබන් බිස්කට් සහ හමීඩියා හී අඩිඩාස් සම අනුග්‍රාහකත්වය දැරූ මෙම තරගාවලිය ක්‍රීඩාවට අවශ්‍යය තරගාවලියක් ලෙස හදුනා ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය පවත්වා ගෙන යාම වෙනුවෙන් දැක් වූ සහයෝගය ඉතා ඉහළින් අගය කළ යුතුය.
සිය සහෝදර ක්‍රීඩකයන්ගේ තරග විනිශ්චය කිරීමට දායක වීම මෙන්ම කිසිදු පාක්ෂික බවකින් තොරව කටයුතු කිරීම මෙන්ම එකිනෙකා කෙරෙහි වූ අතිශය වැදගත් විශ්වාසයකින් සහ ක්‍රීඩකත්වයකින් තමන් සම්බන්ධයෙන් සහෝදර ක්‍රීඩකයන් ලබා දෙන තීරණ හිස නමා පිළිගැනීම පිළිබදව ද ක්‍රීඩකයන් නොමද ගෞරවයට ලක්විය යුතුය.බැඩ්මින්ටන් නිලධාරීන් වසර ගණනක් ජාතික තලයේ ක්‍රීඩකයන් නිර්මාණය කරන්නට දායක වු වැදගත්ම සහ දීර්ඝකාලීනව පවත්වා ගෙන ආ තරගාවලියක් පිළිබදව කටයුතු කිරීමේදී සිය කොන්ද බිද ගෙන නිවට නියාලුව ක්‍රියා කරද්දී,ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මෙසේ කටයුතු කිරීම ඉතා ඉහළින් අගය කළ යුතුය.
ක්‍රීඩා සංගම් 43 හරහා ක්‍රීඩක කණ්ඩායම් 50 ක් සහ ක්‍රීඩිකා කණ්ඩායම් 17 ක් තරගාවලිය නියෝජනය කළ අතර ක්‍රීඩක තරග කාණ්ඩ හතරක් යටතේ මෙන්ම ක්‍රීඩිකා තරග කාණ්ඩ දෙකක් ඔස්සේ ක්‍රියාත්මක විය.ජාතික මට්ටමෙන් වර්තමානයේ ඉදිරියෙන් සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් මෙම තරගාවලිය නියෝජනය කළ අතර පහත දැක්වෙන්නේ එම තරගාවලියේ නිල ප්‍රතිපල සටහනය.
Division Champions Runner Up Results
Division D Men's Royal College - Panadura Carey College - Colombo 3/1
Division C Women Aponso Badminton Club 'B' Mighty Shuttlers 'B' 2/0
Division C Mens Millenium IT Sports Club Suns of Victoria Sports Academy & Club 3/1
Division B Mens Seylan Sports Club Bankhill Sports Club 'B' 3/2
Division A Ladies Otters Aquatic Club Sri Lanka Air Force 2/0
Division A Mens Otters Aquatic Club Bankhill Sports Club 'A' 3/1
තරගාවලියේ ජය සංඛේත ප්‍රදානයට FKC1 වෙනුවෙන් පෝෂනවේදී ජාවෙඩ් අබ්දුල්ලා, හමිඩියාස් ආයතනයේ අඩිඩාස් අලෙවි අධ්‍යක්ෂ හරූස් රසාද් සහ සීමාසිහති එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් ඇතුළු සම්භාවනීයන් පිරිසක් සහභාගි වූ අතර තරගාවලියේ මාධය අන්‍රග්‍රාහකත්වය සීමාසිහත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ සුපිරික්‍රීඩා වෙබ් අඩවිය විසින් දරන්නට යෙදිණ
www.supirikrida.com

No comments:
Post a Comment