
කණ්ඩායම් 47 ක් සහභාගි වූ පිරිමි සූරතාවලිය සදහා වන තරගාවලියේ අවසාන තරගය සදහා බ්‍රැන්ඩෙක්ස් කැෂුවල් වෙයාර් කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබා සිටින අතර ඒ අනුව බ්‍රැන්ඩෙක්ස් කැෂුවල් වෙයාර් කටුනායක සහ රිදීගම කණ්ඩායම් 8 දා පෙරවරු 11.00 ට පිරිමි සූරතාවලියේ අවසන් තරගය සදහා මුහුණ දිමට සූදානිමින් සිටියි.අවසන් දින අවසන් තරග අරඹමින් පැවත්වෙන සූරතාවලිය සදහා වන කාන්ත අවසන් තරගයට මුහුණ දෙන්නේ නිට්ටඹුව සුමිත්‍රා ගාර්මන්ට්ස් කණ්ඩායම සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ඉන්ටිමේට් ඇපරල්ස් කණ්ඩායමය.එම තරගය 8 දා පෙරවරු 9.00 ට ඇරඹිමට නියමිතව ඇත.
සුපිරි පිරිමි අංශයේ අවසාන තරගය පස්වරු 3.00 ට ඇරඹිමට නියමිත අතර ඒ සදහා ලීනියා ඇක්වා කපුගොඩ කණ්ඩායම සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ඉන්ටිමේට් ඇපරල්ස් කණ්ඩායම මුහුණ දීමට නියමිතය.එම කාන්තා අංශයේ අවසන් තරගය සදහා පස්වරු 1.00 ට මුහුණ දිමට සූදානමින් සිටින්නේ,මාවතගම කැෂුවලයින් කණ්ඩායම සහ වැලිසර බ්‍රැන්ඩෙක්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායමය.
No comments:
Post a Comment