Sep 3, 2013

ඇද පොළවෙත් නිමාලිගෙන් හොද රැගුමක්

ධාවනයේ ඉහළ ප්‍රතිපල ලබා ගැනීමට හැකි නොවුණු ධාවන පථයක තරග ක්‍රියාත්මක වුව ද,ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේදී කැපී පෙණුන දස්කම් පෑ ඩබ්ලිව් කේඑල්ඒ නිමාලි මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා රන් පදක්කම දිනා ගනිමින් උළෙල ඉතිහාසය ගත් විට වාර්තාගත දස්කමක් පෙන්වමින් විනාඩි 2:06.65 ක කාලයක් වාර්තා කරමින් තරගය නිමා කරමින් දකුණු පළාතට එම ඉසව්වේ රන් පදක්කම දිනා දුන්නාය.හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් නිමාලි මෙන්ම මීටර් 5000 ඉසව්වේ රන් පදක්කම දිනා මීටර් 800 ඉසව්වේදී රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ ගයන්තිකා තුෂාරි ද නිමාලි මෙන්ම සූරියවැව ප්‍රදේශයේ වන අතර මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනූ එරංගා දුලක්ෂි (විනාඩි 1:01.57) මීටර් 800 ඉසව්වේ තෙවැන්නිය වූ අතර නිමාලි ,ගයන්තිකා මෙන්ම එරංගා ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිලෝ මීටර් කිහිපයක පරතරය ඇතිව ජීවත්වන්නන් වීම 2017 යොවුන් ආසියාතික ක්‍රීඩා උළෙල පැවත්වෙන ප්‍රදේශයේ ක්‍රීඩා භූමි යටිතල පහසුකම් වර්ධනය නොපමාව ඉටු කිරීමේ වැදගත් කම පෙන්වා දෙන්නකි.එසේම පිරිමි මීටර් 800 ඉසව්ව ජයගත්(විනාඩි 1:52.47) පීඑච් චමල් ද එම ආසන්නයේම ජීවත් වන්නෙකි.
පළමු දිනයේ දි මෙන්ම ඉහළ දක්ෂතා ඊයේ ද දක්නට නොලැබුණු අතර මංජුල කුමාර උස පැනීමේ කිරුළ රැක ගත්තද එම ක්‍රීඩා පිටියෙන් ලැබෙන සහයෝගයට සාපේක්ෂව ඔහුගේ දක්ෂතා මීටර් 1,18 ට සීමා විණි.43 හැවිරිදි ටී අලෙයිලීමා සිය වයසට වඩා මීටර් 1.44 ක දුරකට කව පෙත්ත වීසි කරමින් අලුත් පරම්පරාව තමත් තමා ආසන්නයේ නොමැති බව පෙන්වා දුන්නේ ජාතික ක්‍රීඩා උළෙල ඉතිහාසයේ එම ඉසව්ව වෙනුවෙන් කර පළදගත් 12 වන රන් පදක්කමට උරුමකම් කියමින්ය.කලක් ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි කෙටි දුර සූරයෙකු වූ ජෝයි ධනුෂ්ක පෙරේරා අද වන විට ශ්‍රී ලංකාවේ යගුලිය වීසි කිරීමේ ඉසව්වට සහභාගි වෙමින් දක්වන දක්ෂතා තව දුරටත් රැක ගන්නට සමත් වූයේ එම ඉසව්වේ රන් පදක්කම නැගනහිර පළාතට හිමි කර දෙමින් මීටර් 14.85 ක දක්ෂතාවයක් ද සමගින් ය.
එන්සීඩී ප්‍රියදර්ශණී මීටර් 5.82 ක දක්ෂතාවයක් පමණක් දැක් වුව ද ඇයට තව දුරටත් කාන්තා දුර පැනීමේ සූරියගේ කිරුළ රැක ගන්නට හැකි වූ අතර ඒ අනුව කාන්තා දුර පැනීමේ රන් පදක්කම බස්නාහිර ට හිමි විය.
මධ්‍යම පළාත නියෝජනය කළ ජානක ප්‍රසාද් විජේසිරි පිරිමි දුර පැනීමේ ඉසව්ව ජය ගත්තේ මීටර් 7.49 ක දුරක් තරණය කරමින්ය.පිරිමි රිටි පැනීමේ ඉසව්වේ රන් පදක්කම වයඹට හිමි කර දුන් කේකේ බාලසූරිය මීටර් 4.62 ක දස්කමක් පෙන් වූ අතර කාන්තා මීටර් 200 රන් පදක්කම වයඹට දිනා දුන්නේ චන්ද්‍රිකා සුභාෂණී තත්පර 24.44 ක කාලයක් වාර්තා කරමින්ය.එම පිරිමි ඉසව්වේ රන් පදකක්ම මධයම පළාතිට හිමි වූයේ තත්පර 21.65 ක දක්ෂතාවයක් දක්වමින් අසංක පතිරන පෑ දක්ෂතා හේතුවෙන්ය.
නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය අති අලංකාර ලෙස ස්වභාවික පිහිටීමෙන්ම ඔපවත් වූ ක්‍රීඩාංගණයක් වන නමුත් එය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කෘතිම ධාවන පථයකින් තොර වන නිසා එම ක්‍රීඩා පිටිය ජාතික ක්‍රීඩා උළෙලකදී ක්‍රීඩා දස්කම් වලින් ක්‍රීඩාවට ලැබෙන වර්ණවත් ආලෝකය සැපයීමට තරම් උචිත මට්ටමක නොවන අතර එයින් ජාතික ක්‍රීඩා අළෙලේ අබිමානයට අදාළ දක්ෂතා වාර්තා කිරීමට ක්‍රීඩා උළෙල අපොහොසත් වනු ඇති බව අප මුල සිටම පැවසීමු.ඊයේද ඒ සදහා අදහරණ සැපයූ දිනයක් වූ අතර ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනේ ලකුණු 1000 ඉක්මවා යන අවස්ථා වාර්තා වූයේ හතරක් පමණි.මංජුල කුමාර (ලකුණු 1055),ඩබ්ලිව්කේඑල්ඒ නිමාලි (ලකුණු 1038),චන්ද්‍රිකා සුභාෂණී (ලකුණු 1021) සහ ජානක ප්‍රසාද් විජේසිරි (ලකුණු 1019) එම ක්‍රීඩක ක්‍රීඩිකාවෝය.  
www.supirikrida.com

No comments: