ඉන්දීය කණ්ඩායම පිතිකරුනයේදී සුපිරි දක්ෂතා දක්වමින් සිටින අතර ඒ අතරින් සිකර් ධවාන් මෙවර තරගාවලියේ ඉදිරියෙන්ම සිටින පිතිකරු වී ඇත.ඔහු සමග සෑම තරගයකදීම ආරම්භක කඩුල්ලට හොද සබදතාවයක් ඇති කරන ඉන්දීය නායකයාගේ විශ්වාසය වන රෝහිත් ෂර්මා මෙන්ම දිනේෂ් කාර්තික්,විරාට් කෝලි,නායක මහේන්ද්‍ර සිං දෝනි සහ සුරේෂ් රයිනා දක්වන දක්ෂතා මැඩ පවත්වා ගැනීම මෙහිදී ශ්‍රී ලංකාවේ අවධානයට ලක් විය යුතුය.
ශ්‍රී ලංකාව ඊට වඩා වෙනස් මුහුණු වරකින් තරගාවලියට මුහුණ දෙන අතර මේ දක්වා පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද ප්‍රතිවාදීන්ට අභියෝග කරන තත්ත්වයක් ශ්‍රී ලංකා සංචිතය තුළ දකින්නට ඇත.එංගලන්තයට එරෙහිව පිත්තෙන්ද,නවසීලන්තයට එරෙහිව ලකුණු 138 ක් වෙනුවෙන් පන්දුවෙන් පෑ දස්කම් ද ඉතා ඉහළ මට්ටමක පැවති අතර මේ සමබරතාවය ඉන්දීය කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වීමට ප්‍රමාණවත්ය.බලාපොරොත්තු නොවූ අයුරෙන් එංගලන්ත තණතීරු දග පන්දු යවන්නන්ට යම් හිතකර තත්ත්වයක් පෙන්නුම් කරන පරිසරයක් උද්ගත වී ඇති අතර ඒ අනුව වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා දෙන පන්දු යවන්නෙක් බවට පත් වී සිටින සමින්ද එරංග ගේ ස්ථානය ඇතැම් විට සචිත්‍ර සේනානායකට හිමි වීමට ඉඩ ඇත්තේ ඔහු නව පන්දුවෙන් දග පන්දු යැවීම සදහා පසු ගිය කාලයේ දැක් වූ ප්‍රවනතාවයන්ද සළකාය.එසේ නොවුනොත් එරංග ට වඩා පිත්තෙන් සහ පන්දු රැකීමෙන්ද දක්ෂ තිසර පෙරේරාටද එම අවස්ථාව හිමි වීමට ඉඩ ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීනම පිතිකරුවන් ත්‍රිත්වය මේ තරගාවලියේදී කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන දායකත්වය ඉහළ මට්ටමක පවතින අතර මහේල,සංගක්කාර සහ ඩිල්ෂාන් දක්වන මේ දායකත්වයේ වටිනාකම තව දුරටත් ඉහළ දැමීමට ඉණිම ආරම්භයේ කුසල් ජනිත් දක්වන දායකත්වය වැදගත් වනු ඇති අතර මේ දක්වා ඔහු දක්වා තිබෙන දුර්වලතා ඉන්දීය තරගයේදී වෙනස් කිරීමට කටයුතු නොකළොත් එය ශ්‍රී ලංකාවට පීඩනයක් ඇති කරනු නොඅනුමානය.මේ තත්ත්වය නිසා ආරම්භක පතිකරුගේ ස්ථානය ඇතැම් විට අවශ්‍යයතාවය අනුව එම වගකීම ඉටු කර ඇති මහේල ජයවර්ධනට පවරා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැදවීමේ ඉඩක් ද අද ඇත.
No comments:
Post a Comment