ශ්‍රී ලංකා කායවර්ධන සංගමය රට පුරා විවිධ කායවර්ධන වැඩ සටහන් මෙහෙයවීමේදි ප්‍රමිතියෙන් තොර ක්‍රියාවන් සිදු කරන බවට ලැබුණු චෝදනා විමසීමට ලක් කර ක්‍රීඩා අමාත්‍යංශය එම සංගමය මගින් ක්‍රියාත්මක කරන වැඩ සටහන් වල දී රාජ්‍ය ලාංඡනය හෝ ක්‍රීඩා අමාත්‍යංශයේ නම යොදා ගැනීම තහනම් කර ඇත.එවැනි ක්‍රීඩා උපදේශක පාඨමාලා මෙහෙයවීමේ වගකීම රාජ්‍ය ලාංඡනය සහ ක්‍රීඩා අමාත්‍යංශ නාමය යටතේ කළ හැක්කේ ජාතික ක්‍රීඩා විද්‍යයතනයට පමණක් බව ද ක්‍රීඩා පණත උපුටා දක්වමින් ක්‍රීඩා අමාත්‍යංශය අවධාරණය කර සිටියි.
මින් ඉදිරියට රට පුරා ශාරිරික වර්ධනය පිළිබදව පවත්වන උපදේශන පාඨමාලා ප්‍රමිතියෙන් පැවත්නේනේද යන්න පිළිබදව මෙන්ම නිවැරදි උපදේශකයන් එයට සහභාගි වන්නේද යන්න පිළිබදවත් ක්‍රීඩා අමාත්‍යංශය විසින් සොයා බලනු ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment