
ඔලිම්පික් මූලික තරගයකදී මයිකල් ජොන්සන් නම් මීටර් 400 ඉසව්වේ ලෝක වාර්තාලාභියා ඔහුටත් නොදැනෙන්නට පරාජය කරමින් ලෝකයේම අවධානය දිනා ගත් සුගත් තිලකරත්න මෙවර මලල ක්‍රීඩා සංගම් නිලවරණයේදී ඔහුවත් නොදැන පරාජය වී තිබෙන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙනවා.සුගත්ගේ නම උප සභාපති ධූරයකට යෝජනා වී ඇතත්,ඔහු කිසිදු ආකාරයකින් ලියවිල්ලකින් ඡන්දයට සහභාගි වන බව දන්වා නැහැ.ඉකුත් වසරේ මලල ක්‍රීඩා සංගම් නිලවරණයේදී ද උප සභාපති තනතුරට ඉදිරිපත් වී ඡන්ද 58 ක් ලබා ගනිමින් ජයග්‍රහණය ආසන්නයේම රැදුණු සුගත් මෙවර නිලවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබුණු බැවින් නුවරඑළිය දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයෙන් සිය නම උප සභාපති තනතුරකට යෝජන කළ ද,ඔහු ඉල්ලුම් පත්‍රයක් හෝ භාර දී නැහැ.
නමුත් නිලවරණයේදී ඔහු අපේක්ෂකයෙකු ලෙස සැළකිල්ලට ගෙන තිබෙන අතර,එහිදී ඔහුට ඡන්ද තුනක් හිමි වී තිබෙනවා.තමන් කිසිදු නිලවරණ කටයුත්තක නොයෙලුණු බවත් තමාද නොදැන නිලවරණයක අපේක්ෂකයෙකු ලෙස සිය නම යොදා ගැනීමෙන් තමන්ට විශාල අපහසුතාවයකට මුහුණ දෙන්නට සිදු වූ බවත් පවසන සුගත් තමා මෙවර මලල ක්‍රීඩා නිලවරණයට සහභාගි නොවූ බවත් කිසිදු තනතුරකට ඉදිරිපත් නොවූ බවත් අවධාරණය කර සිටිනවා.
www.supirikrida.com
No comments:
Post a Comment