
ක්‍රීඩා අමාත්‍යවරයා ද බැඩ්මින්ටන් පරිපාලනයට ද මේ පුද්ගලයා ඉවත් කළ යුතු බව වරක් දැන් වුව ද,අවසානයේ සිදු වූයේ අමාත්‍යවරයාගේ ඉල්ලීම ක්‍රියාත්මක වීම වෙනුවට ඔහුට පරිපාලනය තුළ වඩාත් බලසම්පන්න වීමට අවස්තාව ලැබීමය.නාඩි වැටෙන අයුරෙන් ලෙඩේ නිගමනය කළ හැකි වෙදනෙකු වැනි යැයි කේෂ්ත්‍රයේ කතා බහට ලක් වන මේ පුද්ගලයා අමාත්‍යවරයාගේ කැමැත්ත ගත හැකි පුද්ගලයෙකු නිලවරණයට කැදවමින්,එම කණ්ඩායමේ ප්‍රබල භූමිකාවට අර ඇදීමට සූදානමින් සිටින බව ද එම ප්රවෘත්ති වාර්තා පෙනවා දෙයි.මේ හැකියාව භාවිතා කරමින් තමන් ගැන ඉහළින් ඇති විරෝධය මැඩ ගත හැකි පුද්ගලයන් යොදා ගැනීමට ඔහුට ඇති හැකියාව නිසාම අතැමුන් ඔහු 'නාඩි වෙදා' ලෙස හදුන්වන බව ද එම ආරංචි මාර්ග පැහැදි"ළි කරයි.
ඉකුත්2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ ප්‍රවේශපත් වංචාවන් සහ ක්‍රීඩා පිටි ඉදිකිරීමේ කොන්ත්‍රාත් පිළිබදව නිතරම මාධ්‍ය හරහා නම කියැවුණු පුද්ගලයෙකු වූ දන්දෙණියට මේ සදහා රජයේ ඉහළ ආශිර්වාදය හිමි වනු ඇතැයි යන විශ්වාසයෙන් බැඩ්මින්ටන් මුල් පුටුවට ගෙන ඒමේ සටන ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර,එම පරිපාලනයේද බොහෝ වගකීම් අමාත්‍යවරයාගේ සිටම විවේචනයට ලක් වූ පවතින පරිපාලනයේ පුද්ගලයන් අතටම සුළු සුළු වෙනස්කම් සහිතව පත් වීමට නියමිත බව ද සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.සුරාජ් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇති වූ ආන්දෝලනාත්මක කතා බහ තුළ ක්‍රීඩා අමාත්‍යවරයාට සුරාජ්ට මේ සදහා ආශිර්වාද කිරීමට තරම් දේශපාලනික වශයෙන් යටත් පහත් වන්නට සිදු වුවහොත් අමාත්‍යවරයාම දැඩිව විවේචනය කළ බැඩ්මින්ටන් පරිපාලන දේහය ඒ ආකාරයෙන්ම පවතිද්දී වෙනත් පාට ඇදුමකින් එය සැරසීමක් පමණක් සිදු වනු ඇති බව සුපිරික්‍රීඩා අවධාරණය කරන්නෙමු!
www.supirikrida.com
No comments:
Post a Comment