 |
තංගරාජා |
 |
ජැකී |
 |
ගුර්සිමාර් |
ලොව පැරණිම ආධුනික ගෝල්ෆ් තරගාවලියක් වන ශ්‍රී ලංකා ආදුනික ගෝල්ෆ් තරගාවිලයේ 125 වැන්න නිමාවට පත් වූයේ එහි පිරිමි සූරතාවය ශ්‍රී ලංකාවේ එන් තංගරාජාට හිමි කර දෙමින්ය.මේ වන විට ජගත් ශ්‍රේණිගත කිරීමේදී 58 වැනි ස්ථානයේ පසුවන එන් තංගරාජා අවසාන තරගයේදී ලොව 1704 වැන්නා වන බංගලාදේශයේ දුලාල් හොසේන් පහසුවෙන් පරාජය කරමින් තරගයේ ජය හිමි කර ගත්තා.දැනට ජගත් ශ්‍රේණීගත කිරීම් වල පළමු 100 දෙනා අතර සිටින එකම ලාංකිකයා වන තංගරාජා ආසියානුවන් අතර හය වැනි ස්ථානයේ පසු වෙනවා.
මෙවර තරගාවලියේ කාන්තා සූරතාවය ලොව 525 වැනි ස්ථානයේ සිටින ආධුනික ගොල්ෆ් ක්‍රීඩිකාව වන ඉන්දියාවේ ගුර්සිමාර් බද්වාල් විසින් දිනා ගනු ලැබුවේ අවසාන තරගයේදී ශ්‍රී ලංකාවේ ජැකී ඩයස් ව අනු සූරිය බවට පත් කරමින්.
තරගාවලියේ ජය සංඛේත ප්‍රදානයට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එක් වූ අතර තරගාවලිය රාජකීය ගොල්ෆ් පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වුණා.
www.supirikrida.com
No comments:
Post a Comment