
තල මිනිසා ලෙස ලෝක ප්‍රකට ධාවන සූර ඔස්කා පිස්ටෝරියස් ටී 44 මීටර් 400 ඉසව්වේ ජයග්‍රහණය ලබා ගනිමින් මෙවර පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී තමන්ගෙන් ඈත් වෙමින් තිබූ කීර්තිය රැක ගන්නට සමත් විය.මීට පෙර පැරා ඔලිම්පික් තරගවල මීටර් 100 සහ 200 ඉසව් වල ද ජයග්‍රාහකයාව සිටි පිස්ටෝරියස් ට මෙවර එම තරග දෙකෙන්්ම පරාජයට පත් වන්නට සිදු විය.මීටර් 200 පරාජය වීමත් සමග එහි ජයග්‍රාහකයා වූ බ්‍රසීලයේ ඔලිවේරා ගේ කෘතිම පාද අවිශ්වාසයට ලක් කළ පිස්ටෝරියස් තමාට නුහුරු පරාජයෙන් කැළඹී සිටියා.අනතුරුව මීටර් 100 තරගයේදී කිසිදු පදක්කමකට හිමිකම් කීමටත් නොහැකි වූ පිස්ටෝරියස් තමා වඩාත් දස්කම් දක්වන ඔලිම්පික් උළෙලට පවා විශේෂ අවසරයක් ඇතිව සහභාගි වූ මීටර් 400 තරගයට සහභාගි වුණේ ද තිගැස්මක් ඇතිවයි.
තරගයට ඉදිරිපත් වූ සෙසු ක්‍රීඩකයන් හා සසදද්දී පිස්ටෝරියස් ඉතා හොද කාලයක් වාර්තා කර තිබුණ ද,මීටර් 100 සහ 200 පරාජයෙන් පළුදු වූ සිය කීර්තිය රැක ගැනීමේ අවශ්‍යයතාවය විසින් පිස්‍රටෝරියස් ගේ ජයග්‍රහණ උවමනාව දෙගුණ - තෙගුණ කර තිබූ අතර පිස්ටෝරියස් එම අවශ්‍යතාවය ඉටු කර ගනිමින් අවසානයේ එම ඉසව්ව තත්පර 46.88 කින් නිමා කර ජයග්‍රහණය දිනා ගත්තා.
www.supirikrida.com
No comments:
Post a Comment