ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර පැවති තරගයත් ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයත් ඕස්ට්‍රේලියාවට සහ ඉන්දියාවට ජය ලබා දෙමින් නිමාවට පත් වුණා.තරගාවලියට පෙර සිටම අයර්ලන්තය පෙරලිකාර කණ්ඩායමක් ලෙස විචාරක අවධානයට ලක් වී සිටියත් ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේදී ඇෆ්ගනිස්තානය දැක් වූ දස්කම් අයර්ලන්තය අභිබවා යන මට්ටමක තිබුණා.
ප්‍රචණ්ඩ පිතිකරණ ලැයිස්තුවක් සහිත ඉන්දීය කණ්ඩායම යම් පාලනයකට යටත් කර ගෙන පන්දු යැවූ ඇෆ්ගනිස්තානය ඉන්දීය කණ්ඩායමට පන්දු ඕවර් 20 තුළ ලකුණු 159 ක් ලබා දෙන අතරේ කඩුලු 5 ක් අහිමි කරන්නට ද සමත් වුණා.විශේෂයෙන්ම ගාම්බීර් සහ ෂෙවාග් පස්වන පන්දු ඕවරය වන විට ලකුණු 22 ක් ව තිබිය දී ක්‍රීඩා පිටියෙන් ඉවත් කරමින් ඇති කළ පීඩනය ඉන්දියානු පිතිකරුවන් යම් තරමක තිගැස්මකට ලක් කළා.නමුත් තරගයේ වීරයා වූ විරාට් කෝලි ගේ නිතර කතා කරන පිත්ත නිහඩ කිරීමට ඇෆ්ගනිස්තානයට ඉක්මණින් හැකි නොවුණු නිසා ඔහු සිය අර්ධ ශතකය පන්දු 38 කින් රැස් කර සිරවී තිබූ ඉන්දීය ලකුණු වේගය යථා තත්ත්වයට පත් කළා.අවසන් මොහේතේදී නායක දෝනි පන්දු 9 කින් ලබා ගත් ලකුණු 18 සහ කෝලි (50) සහ රයිනා (38) එක්ව පන්දු ඕවර් 5.3 දි ලබා දුන් ලකුණු 48 නිසාත් ඉන්දිය ඉණිමට අසීරුවෙන් වුව ලකුණු 150 සීමාව පසු කර යන්නට හැකි වුණා.
පිලිතුරු ඉණිම ඇරඹූ ඇෆ්ගනිස්තානය ගෞරවය රැක ගැනීම සදහා හොද සටනක් යන්න සිය තේමාව කර ගනු වෙනුවට නියත වශයෙන්ම ජය ගත හැකිය යන විශ්වාසයේ සිට පන්දුවට පහර දුන්නා.එහෙත් අත්දැකීම් මදකම නිසා විශාල කඩුලු සබදතාවයකට යාමට හැකියාවක් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ට නෙලැබුණු අතර ඒ නිසා ඔවුන්ගේ ජයග්‍රාහී විශ්වාසය පන්දු ඕවර් 19.3 දී ලකුණු 136 ක් බවට පත් වී ගෞරවනීය පරාජයකින් කෙළවර වුණා.තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසීමේ හැකියාව තිබෙනවා.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533274.html
ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර තරගයේදි ෂේන් වොට්සන් දැක් වූ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් අයර්ලන්තයේ ශක්තිය නිවැරදිව ප්‍රදර්ශනය කිරිමට අවස්ථාවක් ලැබුණේ නැහැ.තරගයේ පළමු පන්දුවෙන්ම ෂේන් වොට්සන් අයර්ලන්ත නායක විලියම් පෝටර්ෆීල්ඩ් ගේ කඩුල්ල දවා ගනිමින් සහ ලකුණු 26 ට කඩුලු 3 ක් දවා ගනිමින් අයර්ලන්ත ඉනිම ලකුණු 123 ටසීමා කරන්නට පෙරමුණ ගත්තා.පිලිතුරු ඉණිම ඇරඹු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් යළිත් ක්‍රියාත්මක වූ වොට්සන් පන්දු 30 ලකුණු 51 ක් ලබමින් මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ ශතකලාභියා වෙමින්අයර්ලන්ත පරාජය ඉක්මණින් කැදවා ගෙන ආවා.පන්දු ඕවර් 15.1 පන්දුවකින් ඕස්ට්‍රේලියාව තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණේ ඒ සදහා කඩුලු 3 ක් පමණක් වැය කරමින් වූ අතර පහත දැක්වෙන්නේ එම තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසිය හැකි සබදතාවය යි.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533273.html
www.supirikrida.com

No comments:
Post a Comment