ඉරාන ජබාර් කුසලාන
අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික සූර නිලූක
කරුණාරත්න අද එහි අවසාන තරගයට මුහුණ දීමට සුදුසුකම් ලබා සිටිනවා.ජගත් කණිෂ්ඨ බැඩ්මින්ටන්
අනු සූරයා වන ඉන්දියාවේ සමීර් චර්මා මෙම අවසාන තරගයේදී නිලූක ගේ ප්‍රතිවාදියා
වෙනවා.
ආසියාවේ ප්‍රබලතම
බැඩ්මින්ටන් බිම් ලෙස සැළකෙන ඉන්දුනීසියාව,මැලේසියාව,මෙන්ම ජපානය නියෝජනය කරමින්ද
මෙම තරගාවලියට ක්‍රීඩකයන් සහභාගි වී සිටියා.වර්ථමානයේ ජගත් ශ්‍රේණිගත කිරීම්වල අංක
63 ට ශ්‍රේණිගතව සිටින නිලූක මෙන්ම ජගත් බැඩ්මින්ටන් අනු සූරයාද ඒ සියල්ලගේ අභියෝග
මැඩ අවසන් තරගයට පිවිසීම දකුණු ආසියාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට අන්තර්ජාතික වශයෙන්
විශාල පිළිගැනීමක් හිමි වීමක් ලෙස දැක්විය හැකියි.
විදෙස්
පුහුණුකරුවෙකුගේ සහය ඇතිව දීර්ඝකාලීන සැළසුමක් ඇතිව සිය රටේ බැඩ්මින්ටන් ක්‍රීඩාව
නැංවීමේ අභිප්‍රායෙන් කටයුතු කරන ඉරානය ද මෙම තරගාවලියේ දී වශේෂ දක්ෂතා දැක්වීම කැපී
පෙණුනා.අවසන් පූර්ව සහ අර්ධ අවසන් පූර්ව තරග වල දී ඉන්දුනීසියානු සහ ඊශ්‍රායෙල් ජාතික
ක්‍රීඩකයන් වන ඩිඩික් පුර්වන්ටෝ (ඉන්දුනිසියා) සහ ඔමිඩ් කරාමි පරාජය කරමින් නිලූක
අවසන් තරගය සදහා පිවිස සිටිනවා.
No comments:
Post a Comment