වසර 17 ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ එක්දින ක්‍රිකට්
ක්‍රීඩකයෙකු ලෙස තමා ඕස්ට්‍රේලියාවට ලබා දුන් දායකත්වය තව දුරටත් අවශ්‍යය නොවන බවට
එරට ක්‍රිකට් පරිපාලනය විසින් රිකී
පොන්ටින්ට හගවන නිවේදනය ඊයේ එක්දින කණ්ඩායමෙන් ඉවත් කිරීම හරහා වක්‍රාකාරයෙන් දැණුම් දී තිබෙනවා.කලෙක සිට එක්දින
පිටියේ දස්කම් අතර නොමැති පොන්ටින් මේ වන විට ක්‍රියාත්මක කොමන්වෙල්ත් බැංකු
තුන්කොන් තරගාවලියේ දී ගෙවුණු තරග 5 තුළදී ම ලබා ගෙන ඇත්තේ ලකුණු 18 ක් පමණයි.
සහභාගි වූ අවසාන තරග දෙකේදී මයිකල් ක්ලාක් වෙනුවට
නායකත්වය පැවරැණු පොන්ටින් ශ්‍රී ලංකාව සහ පැවති තරගයේදී පරාජය වුව ද,ඉන්දියාවට
එරෙහිව වූ තරගය විශිෂ්ඨ ජයක් කරා මෙහෙයවීමට සමත් විය.නමුත් පිතිකරුවෙකු ලෙස
ඔහුගෙන් කිසිදු දායකත්වයක් නොලැබීම සළකා නමට පමණක් කණ්ඩායමේ රදවා ගැනීම වෙනුවට
දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙකු රට වෙනුවෙන්
කැදවිය යුතුය යන තීරණයේ පිහිටා කටයුතු කළ ඕස්ට්‍රේලියානු බලධාරීන් තමන්ගේ
කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨකම ක්‍රීඩකයා පැකිලීමකින් තොරව කණ්ඩායමෙන් ඉවත් කර දැමීමට
තීරණය කර ඇත.
මේ අතර ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ මේ
ඉවත් කිරීමත් සමග පොන්ට්න් සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමු දෙනු ඇති බවය.
No comments:
Post a Comment